Home දේශිය පුවත් සිනමා තිරයේ නොනිමි මතකයක් වූ ඔහු, දිවි ගමනට සමුදෙයි…

සිනමා තිරයේ නොනිමි මතකයක් වූ ඔහු, දිවි ගමනට සමුදෙයි…

0
58

ප්‍රතිභාපූර්ණ කලා ශිල්පියෙක් සහ සිනමා නළුවෙක් ලෙස ද අප මතකයෙහි රැඳුණ එඩ්මන්ඩ් ජයසිංහයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 85 වැනි වියෙහි පසුවූණා.

මහනුවර ඉහළ කෝට්ටේ උපත ලද ඔහු බැද්දෙවෙල මහ විද්‍යාලයෙන් සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මෙන්ම, මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලබා තිබෙනවා.

අනතුරුව පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිලා වර්ණලාභී ක්‍රීඩකයෙක් ලෙස ද කැපීපෙනෙන්නට වූණා.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාටකයේ වැද්දෙකු ලෙස රඟපෑමෙන් සහ ‘සිංහබාහු’ නාටකයේ අත්වැල් ගායන කණ්ඩායමේ ද සාමාජිකයෙකු වූ ඔහු සිය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව පළමුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ පසුව විදේශ කටයුතු අමාත්‍යංශයේ ද සේවය කළේය.

ඕස්ට්‍රේලියානු විශේෂ පුහුණුවකට ද සම්බන්ධ වීමේ වරම් ලද ඔහු පසුකාලයක දී බිත්‍රාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

ඉනික්බිතිව එහි පළමු ලේකම් ලෙස ද කලක් සේවය කළ ඔහු, අබුඩාබියේ ලංකා තානාපති ලෙස. සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ද තනතුරු හෙබවීය.

නාමෙල් වීරමුණිගේ ‘නැට්ටුක්කාරී’ නාට්‍යයේ රඟපෑ එඩ්මන්ඩ් අයියා, සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් ඔහු සිනමා රංගනයට ද අවතීර්ණ වුණා.

ජනකාන්ත චිත්‍රපටයක් වූ “ගඟ අද්දර” චිත්‍රපටයේ වසන්ති චතුරාණිගේ විදේශශතව සිට පැමිණෙන සැමියා ලෙසින් රංගනය කොට කාගේත් මතකයේ රැඳුණ ඔහු “ඉන්දුට මල් මිටක්” චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකාගේ පෙම්වතා ලෙස ද “අනුරාධා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ඔස්සේ ද අප මතකයෙහි රැඳිණ.

Previous articleරටේ පවතින තත්වයත් එක්ක රන් වෙළඳපොළට මොකද මේ වුණේ..?
Next articleමමයි කෝප්‍රල් ජයවර්ධනයි කිමිදිලා යානය ඇතුළේ සිරවී සිටි සියඹලාපිටියගේ සීට් බෙල්ට් එක ගලවා ඔහු ඉවතට ගත්තා. ඒ වන විටත් ඔහුට සිහිය තිබුණේ නැහැ.” රටක් වටින වීරයෙකු ගැන සහය නියමුවා කියූ සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights