ගංවතුර ආධාර රැගෙන යන ඔයාට!
(උදව්වට යන්න කලින් මේ ටික අනිවාර්යයෙන් කියවන්න)
මේ වෙලාවේ පීඩාවට පත් වුන අපේම මිනිස්සු වෙනුවෙන් අතහිත දෙන්න යන ඔබේ මනුස්සකමට හිස නමා ආචාර කරනවා. 🙏 හැබැයි, ඒ උතුම් වැඩේ කරන අතරේ ඔබේ ආරක්ෂාවත්, ඔවුන්ගේ ආරක්ෂාවත් ගැන මේ දේවල් අමතක කරන්න එපා. 👇
🛡️ ඔබේ ආරක්ෂාව ගැන මුලින්ම හිතන්න
👟 පිරිසිදු කිරීමේ කටයුතු වලට බහිනවා නම් අනිවාර්යයෙන්ම Boots සහ Gloves පළඳින්න. මඩ වතුර ලෙඩ ගොඩක් ගේන්න පුළුවන්.
💊 ඔබත් ගංවතුරට බැසලා වැඩ කරනවා නම්, මී උණ (Leptospirosis) අවදානම ගැන හිතන්න. වෛද්‍ය උපදෙස් මත Doxycycline වැනි ඖෂධ ගැනීමේ අවශ්‍යතාවය ගැන දැනුවත් වන්න.
🎒 ඔබේ කණ්ඩායමට අවශ්‍ය ආහාර සහ ජලය ඔබම රැගෙන යන්න. විපතට පත් වූ අයට ඇති සම්පත්වලට අපි බරක් නොවෙමු.
❤️ ඔයාට කරන්න පුළුවන් දේ උපරිමයෙන් එයාලා වෙනුවෙන් කරන්න❤️
🏠 බඩු බෙදනවාට වඩා වටින්නේ, මඩ ඉවත් කරලා විෂබීජ නාශක දියර (Disinfectants) යොදා නිවෙස් පිරිසිදු කරලා දෙන එකයි.
📦 උයපු කෑම ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. ඒ නිසා බිස්කට්, හාල්, පරිප්පු වගේ වියළි සලාක සහ පැරසිටමෝල්, තුවාල සඳහා බෙහෙත්, සබන් වගේ දේවල් ලබා දීම ගොඩක් වටිනවා.
🤝 දේපල අහිමි වුන ඔවුන් ඉන්නේ ලොකු කම්පනයක. ඔවුන්ට ආදරෙන් සවන් දෙන්න. කාරුණික වචනයක් පවා ලොකු හයියක්.එයාලත් එක්ක කතා කරන්න.
“අපි ඔයාලත් එක්ක ඉන්නවා ඔයාලා තනියම නෙවෙයි ” කියලා කියන්න අමතක කරන්න එපා.!
📢 එයාලව දැනුවත් කරන්න
ලෙඩ රෝග බෝවෙන එක නවත්තන්න, “වතුර උණු කරලා බොන්න” කියන පණිවිඩය සහ මී උණ අවදානම ගැන ඔවුන්ව දැනුවත් කරන්න.
මේ පණිවිඩය Share කරලා සහයෝගයට යන හැමෝම දැනුවත් කරන්න. අපි පරිස්සමෙන් වැඩ කරමු!
ස්තූතියි
හෙදියකගේ දිනපොත
Home දේශිය පුවත් ගං වතුරට ආධාර රැගෙන යාමේදී මේ ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න..උදව්වට යන්න කලින්...









