ඒ කඳු මුදුනට පෙනෙන්නේ හරිම ලස්සන දසුනක්.
ඒත් අද ඒ පැත්තම හරිම අන්ධකාරයි. මේ ඇසෙන්නේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි..
මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොළොස්භාගේ පරගල පිහිටි රාක්ෂාව කන්ද නායයෑමෙන් ජීවිත 20ක් අහිමි වුණා.
අධික වැස්සත් සමග රාක්ෂාව කන්ද කිලෝමීටර් ගණනක් දුරට පහළට අකාරුණිකව පැමිණියේ පවුල් 46ක 100කට අධික පිරිසකගේ ජීවිත පීඩාවට ලක් කරමින්.
දොළොස්භාගේ පරගල ප්‍රදේශයට පිවිසිය හැකි සියලු මාර්ග අවහිර වී තිබියදී ඔවුන්ගේ දුක සොයාගෙන යාමට හිරු අපට හැකිවුණා.
ඒ ඔබ දැක්කේ පසුගිය 27 වැනිදා දොළොස්භාගේ පරගල ප්‍රදේශයේ පිහිටි රාක්ෂාව කන්ද අකාරුණිකවී සිදුවූ ඛේදවාචකයේ දසුන් පෙළක්.
අද වනවිට සතියක් සම්පූර්ණවී තිබියදී මාර්ග රැසක් අවහිරව ඇති පරගල ප්‍රදේශයට යාමට හිරු ප්‍රවෘත්ති කණ්ඩායමට හැකියාව ලැබුණා.
දොළොස්භාගේ පරගල මෙම ගම්මානයේ පවුල් 46ක් වතු නිවාස පේළි දෙකක ජීවත්වෙමි්න් සිටියා.
ඔවුන්ගෙන් බහුතරයක ජීවිකාව වූයේ තේ වතු ආශ්‍රිත රැකියා සහ එදිනෙදා කුළී වැඩ කිරීමයි.
මේ රාක්ෂාව කඳු මුදුනට ගම්පොළ ඇතුළු අවට පරිසරය දක්නට ලැබෙන ආකාරයයි.
මෙතරම් සුන්දර දසුනක් මේ කඳු මුදුනට දිස් වූවත් මෙලෙස කඳු මුදුණ පුපුරමින් මහා පස් කන්දක් කිලෝ මීටර් 2කට ආසන්න දුරක් පහළට කඩා වැටුණේ ඉකුත් 27 වැනිදා රාත්‍රී 7ට පමණ.
නිවාස 46ක තිබූ බඩු බාහිරාදිය සහ ත්‍රිරෝද රථ ඇතුළු බොහෝ දෑ එක් නිමේෂයකින් විනාශවී ගියා.
වෙනදා නොතිබුණු දිය පහරක් පරගල ගම හරහා වැටී තිබූ මේ මාර්ගයේ හරහා ගලා බසිනවා.
ඇදිවත පමණක් ඉතිරි වූ මේ අහිසංක මිනිසුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට යළිත් ජීවිත්විය යුතු බව පමණයි.











