Home දේශිය පුවත් අම්මයි තාත්තයි සදහටම තනි කරලා නිවේන් පුතා යන්නම ගිහින්.. ඇස්වල කඳුළු පුරවන...

අම්මයි තාත්තයි සදහටම තනි කරලා නිවේන් පුතා යන්නම ගිහින්.. ඇස්වල කඳුළු පුරවන පුවතක්!

0
153

අද මුළු වෙස්ලි විද්‍යාලයම වගේම කොටිකාවත්ත ප්‍රදේශයම තියෙන්නේ දරාගන්න බැරි ලොකු ශෝකයක.

ඒකට හේතුව තමයි හැමෝම ආදරය කරපු, දහස් ගණනක් බලාපොරොත්තු තියාගෙන හිටපු අවුරුදු 9ක නිවේන් ලින්දුල රාජරත්නම් පුතා අවාසනාවන්ත විදිහට දාලා යන්න ගිය එක.

වෙස්ලි විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනගත්ත නිවේන් පුතා හරිම දක්ෂ, කවුරුත් ආදරය කරන දරුවෙක්. හැබැයි මේ දරුණු ඩෙංගු රකුසා නිවේන් පුතාවත් බිලිගත්තා. රෝහලේ ඉඳන් ජීවිතය බේරගන්න ලොකු සටනක් දුන්නත්, හැමෝගෙම ප්‍රාර්ථනා සුන් කරලා ඊයේ දිනයේදී මේ පුංචි පුතා අවසන් හුස්ම හෙළුවා.

නිවේන් පුතාගේ දේහය දැන් කොටිකාවත්ත, අංගොඩ තියෙන එයාගේ නිවසේ තැන්පත් කරලා තියෙනවා. තමන්ගේ යාළුවෝ, ගුරුවරු වගේම අම්මා තාත්තාව තනි කරලා මේ පුංචි පුතා අද (27) හවස 4.00 ට උඩුමුල්ල පොදු සුසාන භූමියේදී හැමෝගෙන්ම සමුගන්නවා.

ඩෙංගු රෝගය මේ තරම් දරුණු විදිහට අපේ පුංචි දරුවන්ව බිලිගන්න එක ගැන නම් හිතට දැනෙන්නේ ලොකු වේදනාවක්.

Previous articleඅම්මයි දරුවොයි පැත්තක.. ඉටි රෙදි ගහලා වෙන් කරපු ගෙදර 9 වෙනි අනියම් බිරිඳ එක්ක බාබර් කරපු වැඩේ….
Next articleඅවවාදයයි – වාසනාව ගෙනදෙනවා කියන, ලකී ප්ලානට් පැල ඔබේ නිවසේ තියාගන්න එපා
error: Content is protected !!
Verified by MonsterInsights