ගම්පොළ පැත්තේ දරුවන් තිදෙනෙක් ඉන්න පවුලක ඇඟ කිලිපොලා යන අරුම පුදුම සිදුවීමක් වාර්තා වෙනවා.
මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ 39 හැවිරිදි ආරක්ෂක අංශයක හිටපු කරණවෑමියෙක්. දැන් එයා නගරයේ බාබර් සාප්පුවක් කරගෙන යන කෙනෙක්. හැබැයි එයාගේ බාබර් සාප්පුවේ කතුරට වඩා එයාගේ අනියම් සබඳතා දැන් හරිම “සැර” වෙලා.
මේ පුද්ගලයාට දොළොස් හැවිරිදි දියණියක් ඇතුළු දරුවන් තිදෙනෙක් ඉන්නවා. හැබැයි මොහු කාලෙන් කාලෙට විවිධ කාන්තාවන් එක්ක අනියම් සබඳතා පවත්වන එක පුරුද්දක් කරගෙන. පුදුමේ කියන්නේ මේ හැම කෙනෙක්වම එයා එක්කන් එන්නේ තමන්ගේ නීත්‍යානුකූල බිරිඳයි දරුවොයි ඉන්න ගෙදරටමයි. බිරිඳව බය කරලා, ගේ මැදින් ඉටි රෙදි ගහලා නිවස වෙන් කරලා, එක පැත්තක තමන්ගේ අලුත් “සහකාරිය” එක්ක පවුල් කන්න තරම් මොහු අමානුෂික වෙලා.
පොලිසිය කියන විදිහට මේ මොහු නිවසට රැගෙන ආපු 9 වෙනි අනියම් බිරිඳයි. මෙවර එයා අනියම් බිරිඳ කරගෙන තියෙන්නේ තමන්ගේම නෑදෑ වෙන කාන්තාවක්. මේ කාන්තාවත් ගෙදරට ඇදගෙන ආවට පස්සේ බිරිඳගේ අම්මා ඉවසලා බැරිම තැන ගම්පොළ පොලිසියට පැමිණිලි කරලා තියෙනවා.
තමන්ගේ දරුවෝ ඉස්සරහම වෙනත් ගැහැනුන් එක්ක පවුල් කන මේ පුද්ගලයා, පාසල් යන දරුවන්ටවත් බිරිඳටවත් කිසිම සැලකිල්ලක් කරලා නැහැ. දරුවන්ට කන්න බොන්නවත් දෙන්නේ නැතිව මොහු සතුට හොයලා තියෙන්නේ වෙනත් අයගෙන්.
කොහොම වුණත් මේ සිදු වීම ගැන පරීක්ෂණ පැවැත්වෙන බවයි ආරංචි වන්නේ….
සමාජ මාධයෙන්









