Home දේශිය පුවත් කොළඹ යන අයට විශේෂ දැනුම්දීමක්! පාරවල් රැසක් වහයි… රථවාහන සැලැස්ම මෙන්න

කොළඹ යන අයට විශේෂ දැනුම්දීමක්! පාරවල් රැසක් වහයි… රථවාහන සැලැස්ම මෙන්න

0
582

(28) කොළඹ නගරයට එන යන ඔබට ටිකක් කලින් සූදානම් වෙන්න වෙනවා.

ඒකට හේතුව තමයි ‘ලෝක සාම පාගමන’ හෙට කොළඹින් අවසන් වීමට නියමිතව තිබීම. මේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න පොලිසිය තීරණය කර තිබෙනවා.

හෙට සවස 4:00 ට කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දැවැන්ත උත්සවයට සමගාමීව තමයි මේ රථවාහන සීමා පැනවෙන්නේ.
ඔව්, උදෑසන 11:00 සිට අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් මත පහත දැක්වෙන ප්‍රධාන මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.

බණ්ඩාරනායක වටරවුමේ සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හන්දිය දක්වාත්, මරදාන පාරත් මෙයට ඇතුළත්. වෝඩ් පෙදෙස, සොයිසා වටරවුම, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, හෝර්ටන් වටරවුම සහ නිදහස් මාවත ඇතුළු මාර්ග රැසක්.

මල්පාර, පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, ගංගාරාමය අවට මාර්ග මෙන්ම කේම්බ්‍රිජ් පෙදෙස සහ මාර්කස් ප්‍රනාන්දු මාවතේත් රථවාහන සීමා විය හැකියි.

අනවශ්‍ය රථවාහන තදබදයකට හසු නොවී, තමන්ගේ වැඩකටයුතු කරගන්න නම් මේ කාලසීමාව තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Previous articleඔබේ ගෙදරත් කරදරකාරී මැස්සන්, මදුරුවන් සදහටම එළවන්න මෙන්න නියම ක්‍රමේ
Next article“ඉර මගේ.. දැන් මට බදු ගෙවපල්ලා!” මුළු ලෝකෙටම ඔප්පු පෙන්වූ ලොව පළමු සූර්ය හිමිකාරිය මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights