Home දේශිය පුවත් අම්මා මූණ සෝදන්න යනකම් ඉඳලා පුංචි පුතාට ඇයි මේ වගේ දෙයක් කළේ…...

අම්මා මූණ සෝදන්න යනකම් ඉඳලා පුංචි පුතාට ඇයි මේ වගේ දෙයක් කළේ… පුංචි පුතාගේ හඳවත උඳුරාගත් ඒ අවාසනාවන්ත මොහොත

0
1197

දෙල්ගොඩ, සියඹලාපේවත්ත ප්‍රදේශයම ඊයේ මහා මරණීය නිහඬතාවයකට පත් වුණේ අහන දකින ඕනෑම කෙනෙක්ගේ ඇස්වලට කඳුළු උනන අමානුෂික ඝාතනයක් නිසාවෙන්.

ඉකුත් 23 වැනිදා උදෑසන, පුංචි දසුන්ගේ මව නිවසේ සිට මීටර් 100ක් විතර ඈතින් තියෙන ළිඳට ගිහින් තියෙන්නේ මුහුණ සෝදන්න. ඒ වෙලාවේ නිවසේ ඉඳලා තියෙන්නේ මවගේ අනියම් පුරුෂයා කියලා කියන මල්වාන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයා. අම්මා නැති වෙලාවේ පුංචි දරුවා හයියෙන් හඬන්න පටන් අරන්.

දරුවාගේ හැඬීම ඉවසා ගන්න බැරි වුණු මේ රකුසා, අහිංසක දරුවාට අමානුෂික විදිහට පහර දීලා තිබෙනවා. ඒ පහර දීම කෙතරම් දරුණුද කියනවා නම්, දරුවා එතැනම සිහි නැති වෙලා වැටිලා. මූණ සෝදලා ගෙදර ආපු අම්මා දරුවා වැටිලා ඉන්නවා දැකලා කලබල වෙද්දී, මේ පුද්ගලයා කියලා තියෙන්නේ “දරුවා නිකන්ම වැටිලා සිහි නැති වුණා” කියලා පට්ටපල් බොරුවක්.

අම්මත් එක්ක එකතු වෙලා මේ පුද්ගලයා දරුවාව බියගම රෝහලට අරන් ගියත්, ඒ වෙනකොටත් පුංචි දසුන් මේ ලෝකයෙන් සදහටම සමුගෙන අවසානයි. පස්සේ රාගම රෝහලේදී කරපු පශ්චාත් මරණ පරීක්ෂණයේදී තමයි ඇඟ කිලිපොලා යන ඒ ඇත්ත හෙළි වුණේ. දරුවාගේ උදරයට මොට ආයුධයකින් පහර දීම නිසා හදවත පැළී ගිහින් මරණය සිදුවෙලා කියලා වෛද්‍ය වාර්තා තහවුරු කරලා තියෙනවා.

මීගහවත්ත පොලිසිය මගින් මේ අමානුෂික ඝාතනය කරපු 49 හැවිරිදි සැකකරුවාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පස්සේ සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී එයා පිළිගෙන තියෙනවා දරුවාගේ හැඬීම ඉවසන්න බැරිව තමන් පහර දුන්නා කියලා.

Previous article“ඉර මගේ.. දැන් මට බදු ගෙවපල්ලා!” මුළු ලෝකෙටම ඔප්පු පෙන්වූ ලොව පළමු සූර්ය හිමිකාරිය මෙන්න!
Next articleඅතේ සතේ නැතිව දරුවන් අට දෙනෙකුට “ලෝගු” ඇන්දවූ දිරිය පියා සහ මව! මේක හැමෝම කියවිය යුතුම කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights