🔴 ප්‍රංශ තරුණියකට අතවර කළ ‘ටැක්සි පැදවූ’ සරසවි සිසුවා පොලිස් දැලේ
ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත කුලී රථ රියදුරකු ලෙස කටයුතු කළ 25 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ විදේශික කාන්තාව එම කුලී රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අපරාධයට මුහුණ දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සහ ඔහු පැදවූ රථය අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.








