හලාවත රෝහලේ හෙද නිලධාරී හසිත මලවිසිංහ අවාසනාවන්ත අනතුරකින් දිවියෙන් සමුගනී
කුරුණෑගල – හලාවත ප්‍රධාන මාර්ගයේ හෙට්ටිපොළ, පඬුවස්නුවර ප්‍රදේශයේදී අද දින සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් හලාවත මහ රෝහලේ සේවය කළ හෙද නිලධාරී හසිත මලවිසිංහ මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ. හලාවත මහ රෝහලේ හෙද නිලධාරියෙකු ලෙස කාර්යක්ෂමව සහ කැපවීමෙන් සේවය කළ හසිත මලවිසිංහ මහතාගේ අකල් වියෝව සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම ඔහුගේ පවුලේ අයට, මිතුරන්ට සහ හිතමිතුරන්ට බලවත් පාඩුවකි.
මියගිය හෙද නිලධාරී හසිත මලවිසිංහ මහතා කුරුණෑගල හෙද විදුහලේ 2017 හෙද කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහුගේ අකල් වියෝව පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, හසිත සොයුරාගේ ආත්මයට නිවන් සුව අත්වේවා යැයි ප්‍රාර්ථනා කරමු.











