Home දේශිය පුවත් අනේ මට කීයක්වත් එපා මහත්තයො.. මෙන්න මහත්තයා හොයාගෙන ආපු දේ ” ...

අනේ මට කීයක්වත් එපා මහත්තයො.. මෙන්න මහත්තයා හොයාගෙන ආපු දේ ” වැරදි දේවල්ම වයිරල් වෙන කාලෙක, මේ වගේ හොඳ මිනිස්සු ගැනත් වයිරල් වෙන්න ඕනේ.

0
577

ඊයේ උදේ මම පානදුර ෆාමසියකට ගියේ ඩොක්ටර් දුන්න බෙහෙත් වට්ටෝරුවට බෙහෙත් ගන්න. එතනට ගියාම 20කට විතර වැඩි පිරිසක් පොලිමේ හිටියා.

මගේ අවස්ථාව ආවම, හිස්ව තිබුන කවුන්ටරේ මගේ පර්ස් එක තියලා බෙහෙත් තුන්ඩුව ෆාමසියට ට දීලා, “බෙහෙත් ටික හදලා තියන්න” කියලා මම ගියා.

ඩොක්ටර් කියපු විදිහට මට ටිකක් විවේකයක් ඕනෙත් නිසා, පැය දෙකකට විතර පස්සේ ආයෙත් බෙහෙත් ගන්න යන්න ලෑස්ති වෙද්දි තමයි මට තේරුණේ මගේ පර්ස් එක නෑ කියලා..

ඒ වෙලාවේ ඇත්තටම මගෙ හිත ගැස්සුණා. ඒත් මට මං ගැන හොඳ විශ්වාසයක් තිබුණා ඒක බිම වැටිලා හරි කවුරු හරි හොරකම් කරලා හරි නෑ කියලා.

ඉක්මනට ආයෙත් ෆාමසියට ගිහින් පර්ස් එක ගැන අහන්න හදද්දිම, එතන දොර ළඟ ඩුයිටි කරපු මුරකාර මහත්තයා මාව දැක්ක ගමන්ම,

“මෙන්න මහත්තයාගේ පර්ස් එක” කියල කීවා.
ඒ වෙලාවේ මට දැනුන සතුට කියලා නිම කරන්න බෑ.

පර්ස් එක ඇතුළේ තිබුණු බැංකු කාඩ්, සල්ලි හැමදේම ඒ විදිහටම තිබුණා.මම එතනම එයාට තෑගි මුදලක් දෙන්න හදද්දි, එයා ඒක හරිම ලස්සන හිනාවකින් ප්‍රතික්ෂේප කළා.

ඇත්තටම මේ වගේ අවංක මිනිස්සු තාම අපේ සමාජයේ ඉන්නවා කියලා දැනෙන එකම ලොකු සැනසීමක්. 🙏

Previous articleපුතේ.. මේ හොටෙල් වල කන්න බොන්න ගියාම ලොකු වියදමක් යනවා ඇති නේද? ”අම්මා තාත්තා හිනා වෙන දවසක් වෙනුවෙන් මහන්සි වෙන දරුවෝ කවදාවත් පරදින්නේ නැහැ.
Next articleලොව ප්‍රසිද්ධ වැඩිහිටි නිළියක් ලංකාවේ ? සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න. ලංකාවේ කොල්ලොන්ටත් මියාගෙන් ආරාධනා…
error: Content is protected !!
Verified by MonsterInsights