” අදට අවුරුදු 4කට විතර කලින් දවසක් ගොල්ෆෙස් එකේ වාඩි වෙලා ඉන්න ගමන් එතන තිබුන අලුතෙන්ම හදපු ලොකු හොටෙල් එකක් පෙන්නලා අම්මා මගෙන් අහනවා,
පුතේ!මේ හොටෙල් වල කන්න බොන්න ගියාම ලොකු වියදමක් යනවා ඇති නේද? කියලා..
ඒ දවස්වල මං ඉගෙනගන්න ගමන් හිටියේ,ඇත්තටම වියදම් කරන්න තරම් සල්ලියක් මං ලඟ ඒ දවස් වල තිබුනේ නැහැ.
ඒත් අම්මා එහෙම අහපු වෙලාවෙම මම හිතාගත්තා කවදාහරි දවසක මම අම්මවයි තාත්තවයි ඒ හොටෙල් එකට අරගෙන යනවමයි කියලා!
හීන වෙනුවෙන් මං මහන්සි වුනා. ගොඩක් කැපකිරීම් කලා. ඒ හැමදේටමත් වඩා ඉවසගෙන බලන් හිටියා.. මට හැමදාම මං කරන දේ ගැන ලොකු විශ්වාසයක් තිබුනා
අද මම අම්මගේ උපන්දිනය සමරන්න එයාව අරගෙන ගියේ එදා එයා එහෙම අහපු ITC රත්නදීප හොටෙල් එකටමයි.
මට ඇහුනා අම්මයි තාත්තයි කියනවා, මේ දේවල් ලබන්න එයාලා හරි වාසනාවන්තයිලු..
ඉතින් තවත් මොනාද අහන්න තියෙන්නේ..
ඔව්!දරුවෙක් විදිහට මං දැනටමත් දිනලා ඉවරයි!
මං ඉල්ලන්නේ එක දෙයයි..
අම්මා,තාත්තා වෙනුවෙන් දෙයක් කරන්න, එයාලව සතුටු කරන්න හීන දකින, මහන්සිවෙන, උබලා හැමෝගෙම ඒ හීන දවසක හැබෑවෙන්නම ඕනේ! ”
* ලක්ශාන් ෆර්නැන්ඩෝ මුහුණුපොතේ සටහනක් *










