Home තාක්ෂණික පුවත් චුට්ටක් කරදරයි තමයි – හැබැයි බැංකුවලින් කරන මේ වැඩේ හින්දා ආරක්ෂා වෙන්නේ...

චුට්ටක් කරදරයි තමයි – හැබැයි බැංකුවලින් කරන මේ වැඩේ හින්දා ආරක්ෂා වෙන්නේ අපේ සල්ලියි.!

0
525

පසුගිය ටිකේ Online Banking යද්දී ඔයාගේ බ්‍රවුසරය (Browser) ලියාපදිංචි කරන්න කියලා එක එක කරදරකාරී Security මැසේජ් ආවා නේද? ගොඩක් අයට මේක මහ වදයක් වුණා. “මෙච්චර කල් ලේසියට කරපු දේ දැන් ඇයි මේ තරම් අමාරු කරලා තියෙන්නේ?” කියලා ඔයාටත් හිතෙන්න ඇති. හැබැයි මේක බැංකුවලින් ඔයාට දෙන වදයක් නෙමෙයි, ඔයාගේ සල්ලි බේරන්න ගහපු ලොකු ගේමක්!

මොකක්ද මේ නොපෙනෙන අනතුර?
AI තාක්ෂණය පාවිච්චි කරලා ලංකාවේ බැංකු වලට ගහන අලුත්ම සයිබර් ප්‍රහාරයක් ගැන තමා මේ දවස්වල ඇහෙන්නේ. හිතාගන්නවත් බැරි විදිහට බැංකුවේ ඔරිජිනල් වෙබ් සයිට් එක වගේම ඩියුප්ලිකේට් සයිට් හදලා, මැසේජ් යවලා පාස්වර්ඩ් උස්සන ජාත්‍යන්තර කල්ලි ලංකාවට බැහැලා ඉන්නේ.

බැංකුවලින් එකපාරටම නීති තද කළේ ඇයි?
මේ හොරුන්ගෙන් ඔයාගේ ගිණුම බේරගන්න තමයි බැංකු මේ අලුත් Security පියවර අරන් තියෙන්නේ. ලොග් වෙද්දී අමාරුයි වගේ දැනුණට, මේකෙන් වෙන්නේ හැකර් කෙනෙක් කොහේ හරි වෙනත් රටක ඉඳන් ඔයාගේ Account එකට ලොග් වෙන්න හැදුවොත් ඒක එතනම Block වෙන එකයි. මේක හරියට ගෙදරට අලුතින් යකඩ ගේට්ටුවක් දැම්මා වගේ වැඩක්. අරින්න වහන්න අමාරු වුණාට හොරුන්ට ඇතුළට එන්න බෑ!

වදයක් නැතුව බෑන්කින් කරන්න නම්…
බ්‍රවුසර් වල එක එක Settings හද හද ලොග් වෙන එක වදයක් වගේ නම්, හොඳම දේ තමා බැංකුවේ ඔරිජිනල් App එක ෆෝන් එකට දාගන්න එක. Fingerprint එකෙන් හරි Face ID එකෙන් හරි විතරක් ලොග් වෙන්න පුළුවන් නිසා, හොරුන්ට කීයටවත් App එක ඇතුළට රිංගන්න බෑ. ඔයාගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි ටික 100% ක් සුරක්ෂිතයි!

Previous article“අවුරුදු 7ක් තිස්සේ මම එයාගෙන් ඉගෙන ගත්තේ මේකයි” – ප්‍රියංකර ගැන දිල්හානි කියපු සංවේදී කතාව මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights