Home දේශිය පුවත් අනුන්ගේ ජීවිත අඳුරු කළ සිසුන්ගේ අනාගතයට මොකද වුණේ.. සබරගමුවේ සිසුන් 11 දෙනෙකුට...

අනුන්ගේ ජීවිත අඳුරු කළ සිසුන්ගේ අනාගතයට මොකද වුණේ.. සබරගමුවේ සිසුන් 11 දෙනෙකුට විශ්වවිද්‍යාලයෙන් ස්ථිර නෙරපීමක්!

0
58

කැම්පස් ගියේ හීන ගොන්නක් පොදි බැඳගෙන වුණත්, සමහර කුරිරු සෙල්ලම් නිසා ඒ සිහින හැමදාටම අළු වෙලා යන්නේ කිසිම තේරුමක් නැතිව. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලැබූ, 23 හැවිරිදි චරිත් දිලීෂාන් කියන අහිංසක තරුණයාගේ අවාසනාවන්ත වියෝව මුළු රටම කම්පනයට පත් කළ සිදුවීමක් වුණා. පසුගිය 2025 වසරේ අප්‍රේල් 29 වැනිදා ඔහු තමන්ගේම නිවසේදී ගෙලවැලලාගෙන ජීවිතය නැතිකරගත්තේ විශ්වවිද්‍යාලය තුළින් ඔහුට එල්ල වූ දරාගත නොහැකි ශාරීරික හිංසනයන් සහ මානසික පීඩනයන් නිසා බව මව්පියන් කඳුළු සලමින් කිව්වා.

මෙන්න මේ අමනුෂ්‍ය නවකවද සිද්ධියට මුල් වූ සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලක සභාව දැන් දැඩි තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව, මියගිය චරිත්ට සහ තවත් සිසුන්ට දරුණු ලෙස හිරිහැර කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ සිසුන් 11 දෙනෙකුගේ ලියාපදිංචිය ස්ථිරවම අහෝසි කර ඔවුන්ව විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැරීමට කටයුතු කර ඇත. පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විශේෂ පරීක්ෂණවලින් පසු අත්අඩංගුවට ගත් සිසුන් 14 දෙනාගෙන් පිරිසකටයි මෙම දැඩි දඬුවම ලැබී ඇත්තේ.

මේ ආකාරයෙන් විශ්වවිද්‍යාලයෙන් නෙරපූ සිසුන්ට අභ්‍යන්තර ශිෂ්‍යයෙකුට හිමි කිසිදු වරප්‍රසාදයක් මින් ඉදිරියට හිමිවන්නේ නැහැ. එපමණක් නොව, උපකුලපතිවරයාගේ විශේෂ පූර්ව ලිඛිත අවසරයක් නැතුව විශ්වවිද්‍යාල භූමියට, නේවාසිකාගාරවලට හෝ විශ්වවිද්‍යාලයට අයත් කිසිදු දේපලකට පය තැබීමද ඔවුන්ට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

අනුන්ගේ දරුවන්ට දුන් වද හිංසා නිසා අන්තිමේදී තමන්ගේම අනාගතයත්, අධ්‍යාපනයත් සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නට මෙම සිසුන්ට සිදුවුණා. විශ්වවිද්‍යාලවල තවමත් ඉතිරි වී ඇති මේ ම්ලේච්ඡ නවකවද සංස්කෘතියට තිත තැබීමට මෙය කදිම තීන්දුවක් වනු නොඅනුමානයි.

Previous articleපුංචි පැටියගේ සුවඳට කියලා අපි කරන මේ භයානක වැරැද්ද දන්නවද? අදම වෙනස් වෙන්න!
Next articleසිසුවියකගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළ කිරින්දේ සැබෑ ගුරු වීරයා: මොහමදු ගුරුතුමාගේ කඳුළැලි කතාව
error: Content is protected !!
Verified by MonsterInsights