Home දේශිය පුවත් Whatsapp කැඩිලා තියෙන්නේ මේකයි. පවුල් ප්‍රශ්න ඇති කරගන්න කලින් වෙලා තියෙන දේ...

Whatsapp කැඩිලා තියෙන්නේ මේකයි. පවුල් ප්‍රශ්න ඇති කරගන්න කලින් වෙලා තියෙන දේ දැනගන්න…

0
348

රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින් යෙදුම භාවිතා කරන අතරතුර බිඳවැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී පරිශීලකයින් බොහෝ දෙනෙකුට තත්ව (Status) උඩුගත කිරීමට හෝ පණිවිඩ යැවීමට මෙන්ම, සමූහයන් තුළ පණිවිඩ හුවමාරු කරගැනීමට නොහැකි වූ බවට පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ගැටළුව මුලින්ම අද පස්වරුවේ වාර්තා වූ අතර, රාත්‍රී 8 ට පමණ නැවත මතු වූ බව තත්‍ය කාලීන ඇනහිටීම් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන DownDetector පවසනවා.

DownDetector විසින් එකතු කරන ලද දත්තවලින් හෙළි වූයේ සවස් වන විට අවම වශයෙන් පැමිණිලි 597 ක් ලියාපදිංචි වී ඇති බවත්, 85% ක් පණිවිඩ යැවීමේ ගැටළු, 12% ක් සාමාන්‍ය යෙදුම් ක්‍රියාකාරකම් සහ 3% ක් පිවිසුම් ගැටළු සම්බන්ධ බවයි.

Previous articleඑයා ඔයාගේ හොඳම යහළුවට වඩා ලෝබයි. ලෝකේ ඉන්න මසුරුම ගැහැණිය මෙන්න. කොච්චර ලෝබද කියනවා නම් ජීවිත කාලෙම එකම ඇදුම ඇදලා…
Next articleඋදා වූ නව වසරට හැමෝම ආදරේ කරන ඕෂධී කලින්ම හැඩ වුනේ මෙහෙමයි.
error: Content is protected !!
Verified by MonsterInsights