Home දේශිය පුවත් සබරගමු සරසවියේ සිසුන් 11කට පන්ති තහනම් වෙද්දි තවත් 4ක් අත්අඩංගුවට…

සබරගමු සරසවියේ සිසුන් 11කට පන්ති තහනම් වෙද්දි තවත් 4ක් අත්අඩංගුවට…

0
265

සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.

නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හට නවක වධය ලබා දීමේ සිද්ධියට අදාළ තවත් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද පැමිණිල්ලක් අනුව එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අද (05) දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේම තෙවන වසරේ තවත් සිසුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම සිසුන් හෙට (06) දිනයේදී බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

Previous articleසබරගමුවේ නවක වධය සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ් කිරීමට නියෝග
Next articleඉතිං චරිත් අපි හැමෝටම සමාවෙන්න. සබරගමු සරසවියේ සිද්ධියෙන් පසු එම සරසවියේම ශිෂ්‍යාවක් ලියූ සංවේදී සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights