Home දේශිය පුවත් රටක් ආදරේ කල ඇගේ නිසල දේහය නිවසට රැගෙන ආ හැටි…

රටක් ආදරේ කල ඇගේ නිසල දේහය නිවසට රැගෙන ආ හැටි…

0
65

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මේ වනවිට ඇයගේ මාදිවෙල පිහිටි නිවස වෙත සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබුවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී (24) අලුයම මියයන විට ඇය 78 වන වියේ පසුවුණා.

අභාවප්‍රාප්ත රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ දේහය අද ඇයගේ මාදිවෙල පිහිටි නිවසෙහි ඥාතීන් සහ හිත මිත්‍රාදීන්ගේ අවසන් ගෞරවය සඳහා තැම්පත් කෙරෙන අතර, හෙට උදෑසන 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කෙරෙනු ඇති.

අනතුරුව අවසන් කටයුතුඅනිද්දා (26) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

Previous articleහෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු ගැන ඇසෙන පුවත මෙන්න
Next article“විජය මාව බැන්දා නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා” – ඇය කාලයක පෙර දී අවදි කළ, විජය ගැන සංවේදී මතකය…
error: Content is protected !!
Verified by MonsterInsights