Home දේශිය පුවත් මිය ගිය කතකට මෝචරියේදී පණ එයි. රෝහල එකම ගාලගෝට්ටියක්… සේවකයින් පණ...

මිය ගිය කතකට මෝචරියේදී පණ එයි. රෝහල එකම ගාලගෝට්ටියක්… සේවකයින් පණ කඩාගෙන දුවලා…

0
297

මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක් පණ එපා කියා දිව ගිය පුවතක් ප්‍රධාන පෙළේ රෝහලකින් වාර්තා විය.

මුල් පෙළේ රෝහලකි. එහි කාන්තා වාට්ටුවක ප්‍රතිකාර ලැබූ කාන්තාවක රාත්‍රි කාලයේ මියගියාය.

මරණයෙන් දෙපැයක් ගතවූ පසු දේහය මිනී කාමරයට දැමීම සිරිතක් බැවින් වාට්ටු භාර නිලධාරීහු ඒ බව මිනී කාමරයේ සේවක පිරිසට දැනුම් දීමට පියවර ගත්හ.

මිය ගිය කාන්තාවගේ සිරුර වාට්ටුවේ කෙළවරක ඇඳේ තබා වසා තිබිණි. එක් අයෙකුගේ මරණය නිසා වාට්ටුවේ සිටි සෙසු රෝගී කාන්තාවන්ද සිටියේ තරමක් බිය පත්වය.

වැඩිදෙනා හිස වැසෙන සේ රෙදි පොරවා ගෙන නින්දට ගියේ වාට්ටුවේ කෙළවරක මළ මිනියක් තිබෙන බව දන්නා නිසාවෙනි.

මේ අතර මිනී කාමරයේ සේවකයන් දෙදෙනා ට්‍රොලියද තල්ලු කරගෙන වාට්ටුවට ආවේ දේහය රැගෙන යාමටය. වාට්ටුවට ඇතුළුවන ස්ථානයේ සුදු රෙද්දකින් වසා දැමූ මළ සිරුර දුටු ඔවුහු කිසිවක් නොවිමසාම දේහය ට්‍රොලියට දමා ගැනීමට කටයුතු කළෝය.

ඒ සමගම තද නින්දේ සිටි කාන්තාව අවදි වූවාය. ඇගේ අවදි වීමත් සමඟ සේවක දෙපළට ඇතිවූයේ මර බියකි. මිනිය නැගිටලායි ළතෝනි දුන් දෙදෙනා දුවන්නට වූහ.

පසුව කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ දේහය තිබුණේ වෙනත් කෙළවරක බවත් මරණය නිසා ඇති වූ බිය හේතුවෙන් සෙසු රෝගී කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වා රෙදි පොරවාගෙන නිදා සිටියදී මෙම කාන්තාව පමණක් සුදු රෙද්දක් පොරවාගෙන තිබීම නිසා සේවක දෙපළට වරදක් සිදුවී ඇති බවය.

පසුව සෙසු රෝගීන්ගේ අවඥාව මැද්දේ සේවක දෙපළ නියමිත මළ සිරුර රැගෙන ගිය බවද දැනගන්නට ලැබුණි.

Previous articleදෙයියනේ වදුරෙක් කල හදියක්… දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න. විදුලිය යලි ලැබෙන වෙලාව ගැනත් ඉඟියක්…
Next articleකඹුරුපිටිය ගුරුවරියගේ සිද්ධියේ අලුත්ම කතාව… ඇත්තටම එදා වෙලා තියෙන්නේ මේකයි…
error: Content is protected !!
Verified by MonsterInsights