Home දේශිය පුවත් උප්පැන්නයක් කල හදියක්.. ඒ.ජි ඔෆිස් එකේ අය දැන් පුටුවක් පෙරලුනත් බය...

උප්පැන්නයක් කල හදියක්.. ඒ.ජි ඔෆිස් එකේ අය දැන් පුටුවක් පෙරලුනත් බය වෙනවා ඔන්න.

0
240

හම්බන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි දේපලවලට හානි කළ පුද්ගලයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, 50 හැවිරිදි හම්බන්තොට – බදගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු පෙරේදා සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ඊට අදාළ ලේඛන පුරවා භාරදී තිබෙනවා.

කෙසේ වෙතත්, නියමිත වේලාව ඉක්මවා යෑම හේතුවෙන් උරණ වූ මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනෙකුගෙන් විමසීම් කර ඇති අතර ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කාර්යාලයේ පුටුවක් ගෙන මේසයට හා ජනෙල් වලට පහරදී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මෙම පුද්ගලයා මානසික ආතතියෙන් පෙලී සිටින බවද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

Previous articleලංකාවේ සමහර ගෑනු ළමයි ඉන්නේ හරියට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල එයා කියලා හිතාගෙන… ඔන්න එහෙනම් දැන් දැන ගන්න ලෝකේ ඉන්න ලස්සනම කෙල්ලෝ ජීවත් වෙන රටවල් මොනවද කියලා…
Next articleකාලෙකට පස්සේ ආයෙමත් ක්ෂේත්‍රයට එන අයිශාරා දායක වෙන්න යන අලුත්ම සිනමා නිර්මාණය මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights