දඹුල්ල, මොරගොල්ලෑව ශ්‍රී සුමංගල බෝධිරුක්කාරාම විහාරස්ථ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ගුරුවරියක ලෙස සේවය කළ අන්ජු විශාකා ශ්‍රීමතී මහත්මිය හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. 1993 වසරේ උපන් ඇය මියයන විට පසුවූයේ 33 වැනි වියේ පසුවූ දෙදරු මවකි. ගුරු වෘත්තියට අමතරව සමාජශීලී තැනැත්තියක වූ ඇයගේ අකල් වියෝව ප්‍රදේශවාසීන් මෙන්ම ඇය ඇසුරු කළ සියලු දෙනා දැඩි කම්පනයට පත් කිරීමට සමත්ව ඇත. පවුලේ එකම ගැහැනු දරුවා වූ ඇය, අහිංසක ගතිගුණවලින් හෙබි ආදරණීය චරිතයක් ලෙස කාගේත් ගෞරවාදරයට පාත්‍ර වී සිටියාය.
ඇයගේ වියෝව සම්බන්ධයෙන් හිතවතුන් සහ ඥාතීන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අදහස් අතිශය සංවේදීය. “සමහර යාළුකම් හරිම ලස්සනයි, ඒ මතකයන් ඊටත් වඩා ලස්සනයි” යනුවෙන් සටහන් තබන ඇයගේ සමීපතමයින්, ඇයගේ හදිසි නික්මයාම දරාගත නොහැකි සිහිනයක් බඳු බව පවසති. මියයන මොහොත දක්වාම කටහඬ පවා ඇසීමට නොලැබුණු ඇතැම් මිතුරන් ඇයගෙන් සමාව අයදිමින් පවසන්නේ, මතු භවයකදීත් මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවී ලස්සන ජීවිතයක් ගෙවීමට නැවත තමන් අතරටම පැමිණෙන ලෙසයි. ගුණවත් ගුරුවරියක, ආදරණීය මවක සහ සොහොයුරියක ලෙස ඇය තැබූ මතක සටහන් ඇය ආදරය කළ සැමගේ හදවත් තුළ සදාකල් නොමැකී පවතිනු ඇත.










