Home සුව අරණ හැමදාම කන කරපිංචා ගුණද..? අගුණද..? සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කැමති ඔබ මේ ගැන...

හැමදාම කන කරපිංචා ගුණද..? අගුණද..? සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කැමති ඔබ මේ ගැන දැනුවත් වෙන්න..

0
8

හැමදාම කන කරපිංචා ගුණද..? අගුණද..? සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කැමති ඔබ මේ ගැන දැනුවත් වෙන්න..

කරපිංචා කියන්නෙ ඉතා සුවිශේෂ සුවඳකින් යුක්ත මුළුතැන්ගේ විශේෂ තැනක් ගන්න ශාකයක්.

වගේම මේ ශාකය මීටර් 6 ක් පමණ උසට වැවෙනවා. සියුම් රෝම සහිත පත්‍ර තද කොළ පාටයි.

මේ පත්‍ර තරමක් එක ගොඩේ පිහිටනවා. මෙහි හටගන්න මල් ක්‍රමවත් බවින් යුක්තයි. සුදු පාටයි. දෙසැම්බර් සහ අගෝස්තු මාසවල මල් හටගනු ලබනවා. ඒ වගේම ඒ මල් ඉතා සුවඳයි.
ඒ වගේම කරපිංචා ආහාරමය වශයෙන් වැදගත් වන ආකාර කිහිපයක් තියෙනවා.
ප්‍රධාන වශයෙන් කැඳ සඳහා යොදා ගන්නා බවත් එසේම මෙම කැඳ පෝෂ්‍යදායී ආහාරයක් බවත්. විෂක් ශරීර ගතවූ විට එය සමනයට ඉතා යෝග්‍ය බවත්, ඒ වාගේම ආහාර රසවත් කිරීම සදහා කරපිංචා නැතිවම බැරි දෙයක් බවත්.

අපේ ගෙවතුවල නිතරම දකින්න තිබෙන කරපිංචා මේ තරම් ගුණයි කියලා ඔයා දැනගෙන හිටියාද ?

කරපිංචා වල ගුණ

කොලෙස්ටරෝල් පාලනය කරයි.

හෘද රෝග පාලනය කරයි

යකඩ අඩංගුයි

ඔක්සිකාරක ඇති නිසා ශරීරයට ඇතුළු වන විෂ පාලනය කරයි.

පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගුයි.

ඒ වගේමයි, රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ කරපිංචා කැඳ පුදුම තරම් වටිනවා. එය ඔබේ නීරෝගී දිවියට ආශිර්වාදයක් වගෙයි.
ඉතින් අපි බලමු කැඳ සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය:

කරපිංචා ග්‍රෑම් 400

කැකුළු හාල් ග්‍රෑම් 100

සුදු ළූනු බික් කිහිපයක්

ඉඟුරු පෙත්තක්

වතුර කෝප්ප 3

පොල් කිරි කෝප්ප 2

රතු ළුණු ගෙඩි හතරක්

ලුණු අවශ්‍ය පමණ

සාදන අයුරු:

හල් සෝදා, ගරා එයට ඉඟුරු පෙත්තක්, සුදු ළුණු, රතු ළුණු, එක්කර වතුර ලිප තබන්න. සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. කරපිංචා වලට වතුර දමා කොටා මිරිකා ගන්න.

හාල් තැම්බෙන විට සුදු ළූණු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. හොඳින් තැම්බුණු බතට පොල්කිරි එක්කර හොඳින් හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ්‍රණය එක්කර විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.

අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නැති අයට පොල් නොදමා කැඳ සාදා ගත හැකියි.

රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ කරපිංචා කැඳ සතියට දෙතුන් වතාවක් පානය කිරීමෙන් බොහෝ රෝග වැළඳීම අඩු කරවා ගන්නටත් හැකියි.

Previous articleරන්මිල දවසින් දවස අහස උසට..? දින කිහිපයකට පසු අද රන්මිල ගැන ඇසුණු කතාව මෙන්න…
Next articleසරසවි කඩයිම ජයගත් ඔහු සිටියේ ඉතාම සතුටෙන්… ඒත් ඒ සතුට විඳගන්න ඔහුට වරම් නැතුව ගියා.. ඉරණම වෙනස් වුණු තරුණයෙකු ගැන ඇසෙන හද කම්පා කරන පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights