විවාහයට කලින් මගේ සතුට තිබුණේ මම කරන රැකියාව තුළ. මම මගේ රැකියාවට ගොඩාක් ආදරය කළා. ඒත් පසුකාලීනව මට ඊටත් වඩා සතුට සැනසීම ගෙනෙන කෙනෙක් මුණගැහුනා.” ගුවන් සේවයට සමුදුන් දිනිති කී කතාව

0
446

දිනිති වල්ගමගේ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්..

ඇය රංගනයට අවතීර්ණ වෙන්න කලින්ම ගොඩක් දෙනෙක් ඇයව දැනගත්තේ ගුවන් සේවිකාවක් විදිහට..

දිනිති ඒ රැකියාවට ගොඩක් ආදරේ කළා කියන එක සැබෑවක්.. ඒ විතරක් නෙවෙයි, ගුවන් සේවයට මෑත කාලයේදී දිනිති සමුදුන්නේ ඇයි කියන එක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා..

මේ අන්න ඒ ගැන දිනිති කියලා තිබුණ කතාවක්..

‘‘අපි හැමෝම නතරවෙන්නේ සතුට තියෙන තැන්වලනේ. විවාහයට කලින් මගේ සතුට තිබුණේ මම කරන රැකියාව තුළ. මම මගේ රැකියාවට ගොඩාක් ආදරය කළා. ඒත් පසුකාලීනව මට ඊටත් වඩා සතුට සැනසීම ගෙනෙන කෙනෙක් මුණගැහුනා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මගේ මහත්තයා. ඔහුගෙන් මට ලැබෙන ආදරය, සැනසීම, සතුට වචනවලින් කියන්න බැරි තරම්. ඒ නිසා මම ගොඩක් සතුටින් ආදරයෙන් බැඳිලා හිටිය මගේ රැකියාවට සමු දුන්නා. ඒ ගැන මට කිසිම පසුතැවීමක් හෝ දුකක් නෑ. ඊටත් වඩා සතුටකින් සැනසීමකින් මම අද ජීවත් වෙනවා. මම රස්සාවෙන් අයින් වුණා කියලා ලස්සන තැන් බලන්න යන එක ලෝකෙ වටේ යන එක නම් නතර වුණේ නැහැ. මාව ලෝකේ වටේම එක්කරගෙන යනවා කියන පොරොන්දුව එයාගෙන් අරගෙනයි මම රැකියාවෙන් අයින් වුණේ. එයා ඒ පොරොන්දුව ඒ විදිහටම රකිනවා.’’

Previous articleඔයාටත් මේ රෝග තියෙයි නම් මේ ගැන අවධානයෙන් ඉන්න. නින්දෙන් ගොරවනවා නම් මේ ලිපිය අනිවාර්යයෙන් බලන්න.
Next articleතඩි බඩ අඩු කරගන්න මෙන්න ලේසිම ක්‍රමයි. බඩ අඩුකරගන්න ඔබට හැබෑම උවමනාවක් තියනවා නම් මේ ටික එක හැල්මේ කියවන්න.