ජපානේ කියලා හිතුවද ? නෑ මේ රොබරෝසියා මල් වලින් හැඩ වුනු හලාවත කාක්කපල්ලිය

0
130

රොබරෝසියා” වසන්තය මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලදී දැක ගත හැකි වෙනවා.

රෝස පැහැ තුරු හිසත්, තණ බිම මත මල්පියවිල්ලත්, දනවන්නේ අපූරු සුන්දරත්වයක්.

මේ දිනවල හලාවත, කාක්කපල්ලිය ඒ සුන්දරත්වය තවත්වැඩි කරන සුන්දර “රොබරෝසියා” දසුන් පෙළක් මේ…

මෙරටට ආවේනික ශාකයක් නොවන “රෝබරෝසියා” හඳුන්වා දෙන ලද ශාක විශේෂයක්.

කොලොම්බියාව, කොස්ටරිකාව, මෙක්සිකෝව, දකුණු අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් මෙහි නිජ බිම් ලෙස සැලකෙනවා.

අවුරුදු 50කට ආසන්න ජීව කාලයකට උරුමකම් කියන මෙම ශාකය වේගවත් වර්ධනයක් පෙන්නුම් කරයි.

ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 8ක් පමණ වන “රෝබරෝසියා” මල් රෝස පැහැයෙන් යුක්තයි.

Previous articleමාර්තු 29 රාත්‍රි 9.41ට මේ ලග්න හිමියෝ තුන්දෙනාට ලොවෙත් නැති වෙන්න උතුරන්න හරියනවා. ඒ ඔබේ ලග්නයද ? අවුරුදු 30කට පස්සේ එන සෙනසුරු මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ මෙහෙමයි.
Next articleකෛලාෂ් පුතා ඉපදෙන්න කලින් එයාලා පටන් ගත්තු දේ…මාධවී කසුන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න…