Home දේශිය පුවත් ඇත්තටම අර ස්ටේෂන් මාස්ටර් කොච්චියට දෙන වලල්ල ගැන දන්නවද ? මෙන්න ඒ...

ඇත්තටම අර ස්ටේෂන් මාස්ටර් කොච්චියට දෙන වලල්ල ගැන දන්නවද ? මෙන්න ඒ ගැන…

0
417

ඇත්තටම අර ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද..?

මේක කියවන බහුතරයක් අය කෝච්චියේ ගිහින් තියන අය සහ නිතරම කෝච්චිය භාවිතා කරන අය වෙන්න පුලුවන් . ඉතින් ඔයාලා දැකලා ඇති කෝච්චියක් ස්ටේෂන් එකට එද්දි ස්ටේෂන් මාස්ටර් ඒ කෝච්චියේ රියදුරු සහයක මහතාට වළල්ලක් දෙනවා සහ රියදුරු සහයක මහතා විසින් දුම්රිය ස්ථානයේ කෙනෙක්ට තව වළල්ලක් නැවත දෙනවා . මේ ක්‍රියාවලි දෙක අනිවාරෙන්ම ඔබ දැක තියෙනවා ඇති . ඉතින් මම අද මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔය වළල්ලේ කතාව මොකක්ද .ඇත්තටම ඒක මොකක්ද … ?මොකක්ද ඒ ක්‍රියාවලිය කියලා .
මේ ක්‍රමය ගොඩක් අය හදුන්වන්නේ ටැබ්ලට් ක්‍රමය එහෙමත් නැත්තන් ටැබ්ලට් සිස්ටම් එක කියලා . 1874 වර්ෂයේ පුද්ගලයින් පිරිසට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරක් නිසා යලිත් කිසි දිනක එවැන්නක් නොවන්කට ” එඩ්වඩ් ටයර් ” නම් ඉංජිනේරු මහත්මයෙක් විසින් මහ බ්‍රිතාන්‍යයේදී මේ ක්‍රමය හදුන්වා දී තිබෙනවා. ඒ හින්දම මේ ක්‍රමය ” ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය” විදියටත් හඳුන්වනු ලබනවා.

මේක ඉතාම පැරණි ක්‍රමයක් උනත් තාමත් ශ්‍රී ලංකාවේ විදුලි ආලෝක සංඥා ආශ්‍රිත කලාපය හැරෙන්නට අනෙකුත් පලාත්වල තාමත් දුම්රිය ධාවනය සඳහා භාවිතා කරන්නේ මේ ක්‍රමයයි. ඒ වගේම තමයි මේක කොච්චර පරණ උනත් තාමත් ආරක්ෂිතම ක්‍රමයක් විදියට හඳුන්වන්න පුලුවන්.
හරි එහෙනම් අපි බලමු කොහොමද මේකේ ක්‍රියාකාරිත්වය කියලා.

🔴 මම මේක පැහැදිලි කරන්න උදාහරණයක් විදියට දැනට මේ ක්‍රමය භාවිතා කරන උඩරට මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක්ම ගන්නම්…

මම ගන්නම් “පට්ටිපොල” දුම්රිය ස්ථානය සහ ඊට පසුව අනෙක් අන්තයේ තියන “ඔහිය” දුම්රිය ස්ථානය.

🔴 දැන් ඔබ හිතන්න කොළඹ ඉදන් බදුල්ල බලා යන දුම්රියක් පට්ටිපොල සිට ඔහිය දුම්රිය ස්ථානයට ගමන් ගන්න සූදානම් . මේ වෙද්දී එම දුම්රිය පට්ටිපොලට අනෙක් අන්තය වන අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පිටත්වෙලා තියෙන්නේ.

Previous articleසෙබළුන් 20,000කගේ ජීවිත බේරා ගැනීමට මල්ටි බැරල් රොකට් ගෙනෙන්නට ගිය ඇග කිරිපොලා යන විශ්මජනක ගමන මෙන්න
Next articleඔයත් රූම් ගිහින් තියෙයිද ? රූම් ගිහින් නැත්නම් හරියට රූම් යන විදිහ අදම දැන ගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights