අඩුපාඩු ආශිර්වාදයක් කරගනිමින් තමන්ගේ හීන වලට ගිය ලොවක් පුදුම කරමින් කකුලෙන් දඟපන්දු යවන අමීර් ගැන කියන මේ කතාව ඇහුවද ?

0
190

කකුලෙන් දඟපන්දු යවන අමීර් හුසේන්…

වයස අවුරුදු 08 දී ඔහුට සිය අත්දෙක අහිමි වූයේ ලී ඉරන මැෂිමකට හසුවීම නිසාය. ඉන්දියාවට අයත් කාශ්මීරයේ වෙසෙන අමීර් හුසේන් (amir hussain lone) ගේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ අධිෂ්ඨානය පැරදවීමට එම දරුණු අනතුර ප්‍රමාණවත් නොවුනි.

“මේ අනතුර සිදුවීමට කලින් මම ක්‍රිකට් වලට ආදරය කලේ නෑ. අනතුරින් පසුව තමයි මම ක්‍රිකට් ක්‍රිඩාවට යොමු වුණේ. ඒකාලේ අපිට TV තිබුණේ නෑ. මම අසල්වැසියන්ගේ ගෙවල්වලට ගිහින් තමයි ක්‍රිකට් තරග නැරඹුවේ. සමහර අවස්ථාවලදී එම නිවෙස්වල අය TV එක වසාදමා මාව එළවාපු අවස්ථා ගොඩක් තියනවා”
ඒ අමීර් කුඩාකළ ලබපු අමිහිරි අත්දැකීම් ගැන පවසන කතාවයි .

දැඩි අධිෂ්ඨානයෙන් යුතුව පුහුණුවීම් කල අමීර් තම අහිමිවූ දෑත ගැන නොතැවී සිය පාද වලින් ආහාර ගැනීමට, ලිවීමට මෙන්ම ක්‍රිකට් ක්‍රිඩකයෙකු ලෙස පන්දු යැවීම සහ පන්දු රැකීම යන කාර්යයන් ඉතාම දක්ෂ ලෙසින් කිරීමට අවසානයේදී සමත් විය.

අමීර් හුසේන්ගේ කැපවීමේ ප්‍රිතිඵල ලෙස අවසානයේදී ජම්මු සහ කාශ්මීර ආබාධිත ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයකු බවට පත්වූ අතර පසුව එහි නායකත්වය පවා ලබාගැනීමට ඔහු සමත් විය.

කලකට ඉහතදී තම නිවසෙහි රූපවාහිනියක් නොමැති නිසා අසල්වැසි නිවාස වලට ක්‍රිකට් තරග නැරඹීමට ගිය අමීර් හුසේන්ගේ වර්තමාන වත්කම ඉන්දියානු රුපියල් මිලියන 88 ක් බව සඳහන්වේ.

(BBC NEWS ඇසුරිනි)

Previous articleMission completed! ඇය කිව්වේ එහෙමයි..ශ්‍රී ලංකීය සිනමාවේ නිළි රැජින ගැන ඇසෙන අලුත් කතාව මෙන්න.
Next articleලේ වල සීනි , කොලොස්ට්‍රෝල් බලාගෙන ඉද්දි අඩු වෙන කවුරුත් නොදන්න රහස් බෙහෙත් වට්ටෝරුවක් මෙන්න..