අවුරුදු උළෙල තරුණියකගෙන් කිරි කන්න ගිය ඔහුට අන්තිමට යන්න වුනේ ගුටිත් කාලා… දකුණෙන් ඇසෙන අවුරුදු උළෙලේ ඇබැද්දිය මෙන්න

0
368

බක්මහ උළෙලේ දී සගයාට කිරි කැවීමේ තරගයට තරුණියක සමග සහභාගී වී සිටි දියණියගේ පෙම්වතා දුටු මවක් දියණිය සමග ගොස් එම තරුණියට පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.

සෑම වසරකම පැවැත්වෙන අවුරුදු උත්සවය සුපුරුදු පරිදි මෙවරත් ගමේ පාසලේ ක්‍රීඩාපිටියේ දී පැවැත්විණි.

විශාල පිරිසක් සහභාගි වී සිටි අවුරුදු උත්සවයේ දී ජන ක්‍රීඩා සහ විවිධ කෙළි සෙල්ලම්වලින් සමන්විත විය.

දහවල් වන විට අවුරුදු උත්සවය උණුසුම් මුහුණුවරක් ගත් අතර සෑම තරග ඉසව්වකටම විශාල පිරිසක් සහභාගි වීම එයට හේතුව විය. තරුණ තරුණියන් සඳහා වෙන් වූ සගයාට කිරි කැවීමේ තරගය ආරම්භ වූ අතර ඒ සඳහා යෞවන යෞවනියෝ යුගල ලෙස තරගයට එක්වූහ.

තරගය ආරම්භ වී මද වේලාවක් යන විට කාන්තාවක් සහ තරුණියක් එක්වරම කඩා පැන තරගයට එක්ව සිටි තරුණියකට පහර දෙන්නට වූහ. සංවිධායකයන් දැඩි පරිශ්‍රමයක් දරා පහරදීම නතර කරගත් අතර අවුරුදු උත්සවය එකම කාලගෝට්ටියක් විය.

පහරකෑමට ලක්ව සිටි තරුණිය කිසිවක් සිතාගත නොහැකිව වික්ෂිප්තව සිටි අතර පහරදුන් තරුණිය සහ මව දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින අයුරු ද දිස්විය. තම දියණියගේ පෙම්වතා තවත් තරුණියක සමග සගයාට කිරි කවන ආකාරය ඉවසිය නොහැකිව ඔහු සමග සිටි තරුණියට පහරදුන් බව කාන්තාව පැවසීම නිසා බක්මහ උළෙල එකම සිනා සාගරයක් විය.

පෙම්වතා තරගයට ඉදිරිපත් වී සිටියේ තම ලොකු අම්මාගේ දියණියක වන අක්කා කෙනකු සමග බව බොහෝ දෙනා දැන සිටි අතර සිද්ධිය අවුරුදු උත්සවය පුරා පැතිර යාමට ද වැඩි කාලයක් ගත නොවීය.

පෙම් සබඳතාව නිමාවට පත් කරමින් පෙම්වතා ප්‍රසිද්ධියේම දැඩිව පෙම්වතියටත් ඇගේ මවටත් දෝෂාරෝපණය කළ අතර තරුණ තරුණයන්ගේ නොයෙක් උසුළු විසුළු මැද මව සහ දියණිය එම ස්ථානයෙන් පිටව ගියේ වචනයක්වත් නොකියා හිස පහත් කරගනිමිනි.

Previous articleතඩි බඩ අඩු කරගන්න මෙන්න ලේසිම ක්‍රමයි. බඩ අඩුකරගන්න ඔබට හැබෑම උවමනාවක් තියනවා නම් මේ ටික එක හැල්මේ කියවන්න.
Next articleදේශපාලන වාසි තකා පාස්කු සිදුවීම විකුණන් කන්න එපා – නාමල් රාජපක්ෂගෙන් මාලිමා ආණ්ඩුවට දීපු සැර කතාව මෙන්න.