Home දේශිය පුවත් පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී රියදුරු ඇතුලු දරුවන් දෙදෙනෙකුගේ ජීවිත...

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී රියදුරු ඇතුලු දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි කරමින් උදෙන්ම ඇසුනු දුක හිතෙන පුවත මෙන්න..!

0
78

 

 

කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන 7.10ට පමණ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

“මම ත්‍රිවිල් එකේ ඉඳගෙන ඉන්නකොට දැක්කා වෑන් එක හැප්පෙනවා. ඉස්කෝල ළමයි 7ක් 8ක් හිටියා. ඔක්කෝම අරගෙන වාහනවලට පැටෙව්වා. ටිපර් එකේ වැදුණේ. වෑන් එකේ රියදුරු මහත්තයා බලාගෙන ඉන්නකොටම ඇදගෙන වැටුණා. එයා නැති වුණා. ළමයි දෙන්නෙක් හිටියා නැතිවෙලා. අපි පුළුවන් තරම් වාහනවලට පැටෙව්වා. එක ළමයෙක් හොඳ තත්ත්වයෙන් හිටියා.”

Previous articleපුංචි රෝස මලට අවුරුදු දෙකක්… මාෂි එක්කළ ආදරණීය සටහන… – photos
Next articleහිටපු ජනපති රනිල් ගැන ඇසෙන දුක හිතෙන ආරංචියක් මෙන්න..!
error: Content is protected !!
Verified by MonsterInsights