සියල්ලන් හඬවමින් නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය ශ්‍රි ලාංකීය වොලිබෝල් තරුව ගැන ඇසෙන කණගාටුදායක කතාව මෙන්න.

0
481

ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කල කෙටි පන්දු ප්‍රහාරකයකු වූ මලිත් දිනිඳු හදිසියේ අභාවප්‍රාප්තවී තිබෙනවා.

පූගොඩ මීවිටිගල කණිෂ්ඨ පාසලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ මෙම ක්‍රීඩකයා රදාවාන ගෝල්ඩන් බර්ඩස් ක්‍රීඩා සාමාජය සහ සියනෑ තරු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවට සම්බන්ධ වුණා.

ඉන්පසු වෘත්තීය මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය සහ ලංකා විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වන ලදි.

2018 වර්ෂයේ සිට ජාතික කණ්ඩාමේ කෙටි පන්දු ප්‍රහාරකයකු ලෙස ක්‍රීඩා කල මලිත් දිනිදු ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට විශාල මෙහෙවරක් සිදුකල ක්‍රීඩකයයෙක්.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ද මේ ක්‍රීඩකයාගේ අභාවය වෙනුවෙන් සාතිශය සංවේගය පළ කරන අතර, ඔහු ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව සඳහා දුන් දායකත්වය පිළිබඳ ප්‍රණාමය පුද කර සිටිනවා.

මලිත්ගේ දේහය අංක 168, ගිරිදර කපුගොඩ ලිපිනයේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට සවස කපුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි….

Previous articleඔයත් රූම් ගිහින් තියෙයිද ? රූම් ගිහින් නැත්නම් හරියට රූම් යන විදිහ අදම දැන ගන්න…
Next articleවේදිකාවෙන් වැඩ පෙන්නූ අමුතු දොස්තරයෙන් රටක් ආදරේ දිනාගත් ඈ නෙළුම් කුළුණෙන් පස්සේ කරන්න ඉන්න සුපිරි වැඩ ටික මෙන්න.