Home දේශිය පුවත් පෙම්වතාගේ නිවසට ගිය පෙම්වතියට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න

පෙම්වතාගේ නිවසට ගිය පෙම්වතියට අත් වූ අවාසනාවන්ත ඉරණම මෙන්න

0
267

පෙම්වතා ගේ නිවසට ගොස් සිටියදී එම නිවසේ තාප්පයක් කඩා වැටීමෙන් ඊට යටවී තරුණියක මියගොස් ඇතැයි කලුතර උතුර පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රසාදිනී ප්‍රියංගිකා නමැති 23 හැවිරිදි තරුණියක් බව‍යි පොලිසිය පවසන්නේ.

පෙම්වතාගේ අත්තම්මා බැලීමට අවශ්‍ය බවට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුවයි පෙම්වතා ඇයගේ නිවසට ගොස් ඇය කැටුව ගොස් ඇත්තේ.

එහිදී තරුණයා නිවස සිටුපස එළුවන් ට කෑම දැමීමට ගොස් තිබෙනවා.

එසේ සිටියදී තරුණිය නිවස පිටුපස තාප්පය අසල රැඳී සිට ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ තාප්පය ශරීරය මතට කඩාවැටි ඇති බවයි පැවසෙන්නේ.

මියගොස් ඇති තරුණිය ගේ පෙම්වතා ආරක්ෂක අංශයක සේවය කරන අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කලුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Previous articleපාර්ලිමේන්තුවේ ක්‍රිඩා උත්සවයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ක්‍රීඩා කුසලතා පෙන්නුවේ මෙහෙමයි.
Next articleඈ නම් සරාගී ගිනිසිළුවක් වගේ.. රටක් ආදරේ කරන ෂෙහානි කහඳවලගේ අලුත්ම අලුත් ෆොටෝ ශූට් එකෙන් මුළු බුකියම කැළඹිලා මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights