අද සහ හෙට රට අඳුරට යන හැටි මෙන්න

0
179

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එම යෝජනාවට අනුව අද (10) සවස සහ හෙට (11) සවස පැය එකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සහ 09.30 දක්වා කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මකවෙන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් වැඩිදුරටත් පවසා සිටියේ

Previous articleහාල් හිගයට බත් නොකා සහය දෙන තරුණ සේවා සභාවේ තනතුරු ගත් මාලිමා සහෝදරයා
Next articleලංකාවටම ලයිට් කපපු වඳුරා ඔන්න ජාත්‍යන්තරයටත් ගිහින්…