මේ දවස්වල අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වෙන්න කරන්න ඕනි දේ මෙන්න…

0
173

දවස්වල එළියට බහින්න බැරිතරම් රස්නෙයි නේද?

ඉතිං මේ රස්නේ දාහය නිසා අපි රෝගී වෙන්න වුණත් පුළුවන්… එතකොට කොහොමද මේ තත්වය වළක්වා ගන්නේ ඒ ගැන සෞබ්‍ය අංශ මේ වගේ උපදෙස් තමයි ලබා දුන්නේ…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතු‌වෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින්ට විජලන තත්වයන් ඇති විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.

මෙම තත්වය අවම කර ගැනීම සදහා වැඩිපුර ජලය හෝ ස්වභාවික දියර වර්ග පානය කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී පාසල් බලධාරීන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ වැඩිවීමක් මාර්තු සහ අප්‍රේල් මාසයේදී අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Previous articleමෙන්න රටක්ම හිනස්සපු යූටියුබ් තරු එකතු වෙලා කරන සුපිරිම වැඩේ…
Next articleරටක්ම ආදරේ කරන තරින්දිගේ Hot ම ෆොටෝශූට් එකක් මෙන්න..