Home දේශිය පුවත් ජීව විද්‍යාවෙන් යාපනයේ එක දෙක, එකම පවුලේ නිවුන් සහෝදරයින්ට, ඒ තාත්තාට මොන...

ජීව විද්‍යාවෙන් යාපනයේ එක දෙක, එකම පවුලේ නිවුන් සහෝදරයින්ට, ඒ තාත්තාට මොන තරම් ආඩම්බරයක් ඇත්ද ?

0
696

මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයේ දෙවැනි ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබන ජමුනානන්ද ප්‍රාණවන් සිසුවා හිමි කරගෙන තිබෙනවා.

ජීව විද්‍යා අංශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ද ඔහු හිමි කරගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය ඔහුගේ නිවුන් සොයුරා හිමි කර ගැනීම විශේෂත්වයක්.

යාපනයේ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජමුනානන්ද මහතාගේ පුතුන් වන නිවුන් දරුවන් ජීව විද්‍යා අංශයෙන් මෙලෙස විශිෂ්ට දක්ෂතා දක්වා තිබේ.

නිවුන් සොහොයුරන්ගෙන් එක් සිසුවකු වන ජමුනානන්ද ප්‍රාණවන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය ද දිනාගෙන ඇති අතර අනෙක් නිවුණු සොයුරා වන ජමුනානන්ද සරවනන් දිවයිනේ පස්වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔහුන් මෙලෙස අදහස් පල කරනවා.”අපි නිවුන් සහෝදරයන්. පාඩම් කරද්දි අපට සැකයක් ආවොත් අපි එකතු වෙලා විසඳගන්නවා. දිස්ත්‍රික් මට්ටමින් මුල් පස්දෙනාට එන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපට තිබුණා. නමුත් ප්‍රථම ස්ථානයට එන්න පුළුවන් වෙයි කියලා හිතුනේ නැහැ.ඒ ගැන ගොඩක් සතුටුයි. අපිට ඉගැන්වූ ගුරුවරුන්, මවුපියන් මිතුරන්ට අපි ස්තුති කරනවා.”

Previous articleබොහෝ කල් රැඳීමට නොහැකි වූවද සෙනෙහෙබර මතක පමණක් ඉතිරි කර නික්ම යාම ගැන ස්තූති වෙමි” – ටීචර් අම්මාගෙන් වීඩියෝවක්…
Next articleමාමයි බෑණයි එක්ව කුණු ඇලේ සැඟවූ රහසේ සුලමුල හෙළිවෙයි… ගෝනියේ දාගෙන යන හැටිත් CCTV කැමරාවේ පටිගත වෙලා…
error: Content is protected !!
Verified by MonsterInsights