Home දේශිය පුවත් පවුලේ අය මේ දුක නම් කොහොම දරා ගන්නද ? සංසාරේ පුරාවටම එකටම...

පවුලේ අය මේ දුක නම් කොහොම දරා ගන්නද ? සංසාරේ පුරාවටම එකටම ඉන්න පැතුවත් ඔහු නොසිතූ ලෙස යන්නම යයි.

0
50

පසුගිය දිනවල අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ අසරණ ජනතාවට අහසින් පිහිට වෙමින් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර නියමුවන් පිරිසක් රැගත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ගිං ඔයට කඩා වැටීමෙන් සිදු වූ ඛේදවාචකය ගැන ආරංචිය ලංකාවම කම්පා කළා.

ඒ අතරින්, සිය යුතුකම වෙනුවෙන් දිවි පිදූ, එදින එම අභාග්‍ය සම්පන්න යානය මෙහෙයවූ ප්‍රධාන නියමුවාණන් වන වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහය ඔහුගේ නිවස වෙත ගෙනවිත් තිබෙන ආරංචියත්, ඔහුගේ පවුලේ අයගේ කඳුළු කතාවත් දැන් රටේම අවධානයට ලක්වෙලා.

මේ අනතුර සිදු වුණේ කොහොමද? තාක්ෂණික දෝෂයක්ද? නැතිනම් කාලගුණයේ බලපෑමක්ද? මේ ගැන විවිධ කටකතා පැතිරෙනවා. එහෙත්, කටුක සත්‍යය නම් තවත් එක් වීර පුත්‍රයෙකුට අපට සදහටම සමුදෙන්නට සිදු වීමයි.

නිර්මාල් සියඹලාපිටිය මහතාගේ වියෝව ගුවන් හමුදාවට පමණක් නොව, මුළු රටටම දැනෙන අඩුවක්.

Previous articleසියදිවි හානි කරගන්න මල්අතු ඔයට පැන්න මව බේරාගනී – දරු දෙදෙනා සොයා මෙහෙයුම්
Next article“රෑ වෙද්දී හොඳටම වහිනවා… ඉන්නම බෑ.. කන්න දෙයකුත් නෑ.. තැඹිලි කඩාගෙන බිව්වා…” – තැඹිලි ගසට නැග දිවි බේරාගත් ඔහු කියන කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights