Home තරු ගොසිප් “අම්මගේ රත්තරන් බඩුත් මම බාගයක් ගිල්ලද දන්නේ නෑ..” දිනිති සිය පළමු උපන්දිනයේ...

“අම්මගේ රත්තරන් බඩුත් මම බාගයක් ගිල්ලද දන්නේ නෑ..” දිනිති සිය පළමු උපන්දිනයේ පින්තූරය සමඟ එක් කළ ඒ අතීත මතක සටහන.

0
77

කලා ලෝකයේ ඉන්න ආදරණීය මෙන්ම හැමෝම ආදරය කරන තරුවක් තමයි දිනිති වල්ගමගේ.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ සුන්දර මතකයන් බෙදාගන්නා දිනිති, මෙවර සිය මුහුණු පොතට හරි ලස්සන අතීත මතකයක් එක් කර තිබුණා. ඒ ඇයගේ පළමු උපන්දින සැමරුම ගැනයි.

දිනිති පවසන පරිදි ඇයගේ පළමු උපන්දින සාදයට ඇයව සරසන්නට ඇගේ මව මහත් වෙහෙසක් ගෙන තිබෙනවා. නෑදෑ හිතමිතුරන් ඉදිරියේ තම දියණියව ඉතාමත් ලස්සනට පෙන්වීමට මව විදේශයකින් ගෙන්වූ “Branded” ඇඳුමක් පවා සූදානම් කර තිබූ අතර, මවගේ රත්තරන් බඩු පවා දිනිතිට පළඳවා ඇත්තේ ඉතාමත් ආසාවෙන්.

මෙන්න මේ කතාව ගැන ඇය සිය මුහුණු පොතට මෙන්න මෙහෙම සටහනක් එකතු කරලා තිබුණා.

”මේ තියෙන්නෙ මගේ පලවෙනි උපන්දිනේ දවසේ ගත්ත පිංතූරයක්.. මෙහෙමයි මේ දවස ගැන හාන් කවිසියක් වත් මගේ මතකෙ නම් නෑ. අම්මායි නෑදෑයොයි කියන කතා තමයි ඉතින් මමත් දන්නෙ.

Cake කපනකොට අඳින්න කියලා අම්මා ඉතින් පිටරට ඇඳුමක් (branded කියන්නෙ)ගෙනැල්ලා තියන් හිටියලු. ( මොකද එදාට සේරම නෑයො ටික එන නිසා අම්මගෙ colors පෙන්නනනත් එපැයි. ) මේ ඒ ඇඳුම නෙවෙයි. මේ ගවුම මට මහලා දුන්නෙ ලොකු අම්මාලු.

අහ් කතාව ඒක නෙවෙයි, (මාත් ඉතින් ad දානවනෙ) …ඉස්සර ඉතින් මුලු function එකටම හිටියෙ එක photographer කෙනයි. Camera phones එහෙම නෑනෙ. ඉතින් පොරගෙ ලොකු කම් බලන්නත් ඕන පිංතූරයක් ගන්න ගියාම. මොකද reel එක ඉවර උනොත් photo ඉවරයි.

ඒ නිසා පොර එනකොට අපි ready වෙලා ඉන්න ඕන. ඔන්න මාවත් ඉතින් ලස්සනට අන්දලා powder එහෙම දාලා මොට්ටුවකුත් තියලා, තියෙන රත්තරං බඩුත් ඔක්කොම පොරවලා( අම්මගෙ ඒවත් ඇතුලුව) photo එකට cake කපන්න ලෑස්තිය. Photo uncle පෙඩ්ඩක් පරක්කු උනාලු ඉතින්. එතකන් අම්මා හෙන try එකක් දීලා මාව එක තැනක තියාගන්න.

නැන්දලා බාප්පලා පුංචිලාගෙ ඇච්චො පැච්චො ටිකත් ඔක්කොම ඇවිල්ලා ගේ දෙක වෙන්න එහෙ මෙහෙ දුවනවලු, හැංගිමුත්තං කරනවලු. (Hide & seek) දිනිති ඉඳීද ඉතින් නිකන්. (අපේ අම්මා කියන්නෙ මම පොඩි කාලෙ ඔඩොක්කුවෙන් පනින්නෙ හරියට ටික්කෙක් වගේලු)

කොහොම හරි ටික වෙලාවකින් cake කපන්න බලද්දි dial එක missing ලු. ඔන්න ඉතින් photo uncle ඇතුලු සියලු දෙනා ඔක්කොම වැඩ නවත්තලා birthday girlව හොයනවලු. හැංගිමුත්තන් කරන්න හැංගුන පාර පැය ගානක් හොයලා හොයලා මාව කොහෙදෝ කැලේකින් හොයාගෙන එල්ලගෙන ආවලු අපේ අක්කා කෙනෙක්.

මොනතරම් Branded ගෙනාවත් pavement එකෙන් ගත්තත් පොඩි එකෙක්ට ඒක ඇඳුමක් විතරයි. අන්තිමට ලොකු කම් ඔක්කොම කැලේ. දාපු රත්තරං බිම දිගේ. බාගයක් බඩේ (මම හිතන්නෙ පංචායුධයක් නම් sure) වෙලාවට ලොකු අම්මා ඇඳුමක් තෑගි කරේ. නැත්තම් උපන්දිනේ cake කපන්න වෙන්නෙ උපන් ඇඳුමෙන් තමයි ”

Previous article“මට මේ ලක්ෂ 5 එපා. මේ සල්ලි ටික මට වඩා අසරණ වෙච්ච, දරුවෝ ඉන්න තව කාට හරි ලැබෙනවා නම් ඒක මට ලොකු පිනක්” සැබෑ මනුස්සකම තවම ජීවතුන් අතර!
Next articleජීවිතය තව බොහෝ දුරයි කියලා ඇයට නොතේරුණේ ඇයි..? සියල්ලන් හඬවා රහසේම නික්මගිය ගුරු මවකගේ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights