Home දේශිය පුවත් “මට මේ ලක්ෂ 5 එපා. මේ සල්ලි ටික මට වඩා අසරණ වෙච්ච,...

“මට මේ ලක්ෂ 5 එපා. මේ සල්ලි ටික මට වඩා අසරණ වෙච්ච, දරුවෝ ඉන්න තව කාට හරි ලැබෙනවා නම් ඒක මට ලොකු පිනක්” සැබෑ මනුස්සකම තවම ජීවතුන් අතර!

0
73

අද කාලේ රුපියල් දහස් ගණනක් වෙනුවෙන් මනුස්සකම් පාවා දෙන මිනිස්සු ඉන්න ලෝකෙක, අපේම රටේ ගමකින් ඇහෙන මේ කතාව ඇත්තටම හදවතට හරිම සමීපයි.

මේ කතාවේ වීරයා වෙන්නේ රන්බණ්ඩා මාමා.

මීට ටික දවසකට කලින් ආපු හිටිහැටියේ ආපු සුළි සුළඟකින් රන්බණ්ඩා මාමාගේ පුංචි නිවසට ලොකු හානියක් වුණා. වයසක ගහක් වහල උඩටම කඩා වැටිලා මුළු නිවසම වගේ කැඩී බිඳී ගියේ මාමාව අසරණ කරමින්. ඒ වෙලාවේ මාමා දුවලාගේ ගෙදර ගිහින් හිටපු නිසා ලොකු ජීවිත අනතුරක් වුණේ නැහැ. අතේ තිබුණු සුළු මුදලකුත්, රජයෙන් ලැබුණු රුපියල් 25,000 ක ආධාරයකුත් එකතු කරලා මාමා කොහොමහරි වහලේ වැඩ ටික කරගත්තා.

මාමා හිතුවේ එතැනින් ඔක්කොම ඉවරයි කියලා. හැබැයි එතැනදී තමයි ග්‍රාම නිලධාරී තුමියගෙන් විශේෂ පණිවිඩයක් ලැබෙන්නේ. “මාමේ, ඔයාගේ නිවසේ හානියට තව රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලැබෙන්න තියෙනවා..” කියලා ඇය මාමාව ප්‍රාදේශීය ලේකම්තුමා වෙත යොමු කරනවා.

ප්‍රාදේශීය ලේකම්තුමා මේ මුදල ලබාගෙන නිවසේ ඉතිරි වැඩ ටික කරගන්න කියලා කිව්වම, රන්බණ්ඩා මාමා දුන්න උත්තරය අහලා එතැන හිටපු හැමෝම පුදුම වුණා. මාමා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්..

“මහත්මයා, අපි දැන් වයසක මිනිස්සු. ඉන්න ටික කාලේ මේ හදාගත්ත වහලය යට අපිට ඉන්න පුළුවන්. මට මේ ලක්ෂ 5 එපා. මේ සල්ලි ටික මට වඩා අසරණ වෙච්ච, දරුවෝ ඉන්න තව කාට හරි ලැබෙනවා නම් ඒක මට ලොකු පිනක්. මම ඒ ගැන සන්තෝස වෙනවා!”

අතට ලැබෙන්න තිබුණු ලක්ෂ පහක්, තව කෙනෙක්ගේ යහපත වෙනුවෙන් එපා කියන්න පුළුවන් මිනිස්සු අද කාලේ ඉන්නේ කීයෙන් කී දෙනාද? තමන්ගේ පෞද්ගලික සැප පහසුවට වඩා අනුන්ගේ දුක ගැන හිතපු රන්බණ්ඩා මාමාගේ ඒ “රත්තරන් හිත” ඇත්තටම මේ සමාජයට ලොකු ආදර්ශයක්.

සමාජ මාධ්‍ය ඇසුරෙන්

Previous articleයුධ සමය , සුනාමිය කොවිඩ් කාලේ මම කරපුවා කරන්ඩ උබලට ආත්ම ගානකට බැරි වේවී… වසර 27ක සේවා කාලය තුල මිනිසුන් වෙනුවෙන් කැපවූ ඔහුට ලැබුණු ස්ථාන මාරුව පිලිබද ආන්දෝලනාත්මක කතාවක් මෙන්න..
Next article“අම්මගේ රත්තරන් බඩුත් මම බාගයක් ගිල්ලද දන්නේ නෑ..” දිනිති සිය පළමු උපන්දිනයේ පින්තූරය සමඟ එක් කළ ඒ අතීත මතක සටහන.
error: Content is protected !!
Verified by MonsterInsights