Home දේශිය පුවත් ඔයත් කොණ්ඩේ කලර් කරන්න කැමති කෙනෙක් නම් මෙන්න මෙහෙමයි දේවල් වලට දැන්ම...

ඔයත් කොණ්ඩේ කලර් කරන්න කැමති කෙනෙක් නම් මෙන්න මෙහෙමයි දේවල් වලට දැන්ම නොරැවටී ඉන්න…

0
467

රූපලාවන්‍ය සත්කාර සිදු කරද්දී , ඒ ගැන විශේෂ අවදානයක් යොදවන එක වැදගත් කාරණයක් වෙනවා..

මේ කියන්න යන්නේ ඒ වගේ කතාවකට සම්බන්ධ තවත් වෙනස් විදිහක කාරණයක්.. සිමෙන්ති කුඩුවලින් මේ වගේ දේවල් කරනවා කියලා සමහරවිට මීට පෙර ඔබ අසා නැතුව ඇති..

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ ස්ථානයක් පිළිබඳව මට්ටක්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.. එම ස්ථානය වැටලීමට පාරිභෝගික අධිකාරියට හැකිවී තිබෙනවා..

රුපියල් මිලියන 28ක පමණ වෙළඳපොළ වටිනාකමින් යුත් ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක තොගයක් එම ස්ථානයේ තිබී සොයාගෙන ඇති අතර, ඒවා වෙළඳපොළට විකිණීමට සූදානම් කර තිබූ බවයි වාර්තා වෙන්නේ..

ප්‍රසිද්ධ සන්නාම සහිත, කල් ඉකුත් වූ හිස කෙස් වර්ණක හා පළුදු වූ හිසකෙස් වර්ණක පැකට් මෙලෙස සිමෙන්ති කුඩු සමඟ යන්ත්‍රයකින් කලවම්කර ප්‍රසිද්ධ සන්නාම සහිත ඇසුරුම් උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක වෙළඳපොළට නිකුත් කිරීමටයි මේ එම ජාවාරම්කරුවන් කටයුතු කර තිබුණේ

Previous articleඋදේ පාන්දර හිස් බඩ උණු වතුර වීදුරුවක් පානය කරාම වෙන දේ ඇහුවොත් ඔබත් පුදුම වේවි..
Next articleඇඹරැල්ලා කොළ සම්බෝලය රෝග රැසක් සුව කරන දිව ඔසුවක් ඔබ මීට කලින් ඔබත් දැන සිටියාද ?
error: Content is protected !!
Verified by MonsterInsights