හැමෝම ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිණියක් වන මිෂෙල් දිල්හාරා දමිල සිනමාවට… සිනමා පටියේ අලුත්ම දර්ශන මෙන්න…

0
421

මෙතෙක් පුංචි තිරය තුළ රසිකයන්ගේ ආදරය ගෞරවය දිනාගත් නිළි මිෂෙල් දිල්හාරා තම රිදී තිරයෙහි නව පාසටහන් තබන්නට යෙදුණු ඇයගේ ප්‍රථම දමිල සිනමාපටයෙහි පූර්ව ප්‍රචාරක පටයන් පසුගිය දින අන්තර්ජාලය වෙත මුදාහැරීම සිදුවුණා..

ඒ ඇය විසින් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ලද Adhiran සිනමා පටයයි. සිනමාපටයෙහි පූර්ව ප්‍රචාරකපටය මේ වින විට අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

ප්‍රචාරකපටය නැරඹීමේදී මිෂෙල්ගේ දමිළ භාෂා හැසිරවීමේ ප්‍රවීණත්වය කැපී පෙනෙන විශිෂ්ට මට්ටමක පවතින බව කිව යුතුමයි. උපතින් දමිළ භාෂාව ආගන්තුක භාෂාවක් වන ඇය එම සිනමාපටය වෙත තම අපූරු දක්ෂතාවය උපරිමයෙන් යොදවා තිබෙන ආකාරය ඔබටත් දැකගන්නට ලැබේවි.

මිෂෙල් දිල්හාරාගේ ආවේනික දමිළ සුන්දරත්වයත් සමඟ මුසු වුණු ඉන්දීය මසාලා රසයත් එකතුව සිනමාපටය ප්‍රේක්ෂකයා අතර වැළඳගත් නිර්මාණයක් වනු ඇති බවත් පැවසිය යුතුයි..

සිනමාපටය අප්‍රේල් – මැයි කාර්තුව තුළදී සිනමාහල් තුළ විකාශනය වීමට නියමිත අතර අප ඇයගේ සිනමාචාරිකාවෙහි නව සංධිස්ථාය වෙත සුබ පැතුම් එක කර සිටිමු

Previous articleසම්මාන නොලද රටක් ආදරේ කරන ඒ සුමිහිරි ලයාන්විතයා චන්දන ලියනාරච්චි, මේ ඔහු ගැන ඇසෙන සමාජ මාධ්‍ය කළඹවපු ආදරණීය සටහනක් මෙන්න..
Next articleඇය සුදු නැත, එයා කෝපි පාටයි, කටහඬ ගීයක් තරම් මිහිරි නැත, එයාගේ කටහඬ ගොරෝසුය. තැනේ හැටියට ඇණේ ගහන රෙබෙකා ගැන මෙන්න…