වසර 16කට පසු දළදා වහන්සේ සියැසින් දැකබලා ගන්න ඔන්න පිංබර ඔබටත් දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ පින්බර පුවත ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න…

0
214

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වසන දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට දින නියම කර තිබෙනවා.
ඒ අනූව ලබන අප්‍රේල් මස 18 සිට 27 දක්වා දින 10ක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී එම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා මෙම දිනයන් තීන්දු කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ සඳහා මූලික යෝජනාව පසුගියදා ඉදිරි පත්කර තිබුණා.

සමාරම්භක දිනයේ දළදා ප්‍රදර්ශනය ප.ව. 3ට ආරම්භකර ප.ව. 5ට අවසන් කෙරෙනවා.

අනතුරුව සෙසු දිනවලදී දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙවර දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදුවන්නේ වසර 16කට පසුවයි.

Previous articleසඳට ගිය නිල් භූතයා අලුත්ම දේවල් ටිකක් හොයාගෙන.. මේ ගැන ඇහුවොත් ඔබත් පුදුම වේවි.. බලන්නකෝ ඒ ගැන…
Next articleහෑන්ඩ්ස් ෆ්‍රී ගහගෙන යද්දි බලාගෙනයි. සිංදු අහපු සංදීප්ට හෑන්ඩ්ස් ෆ්‍රී එකක් නිසා වෙච්චි ඛේදජනක දේ….