Home දේශිය පුවත් ඉෂාරා සෙව්වන්දි හොයලා දෙන කෙනෙක්ට පොලිසියෙන් ලක්ෂ 12ක තෑග්ගක්…!

ඉෂාරා සෙව්වන්දි හොයලා දෙන කෙනෙක්ට පොලිසියෙන් ලක්ෂ 12ක තෑග්ගක්…!

0
257

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙව්වන්දී නමැති සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් දෙන අයකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් දෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

විසිපස් හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාගේ 0718591727 දුරකතන අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 දුරකතනයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

තොරතුරු දෙන්නන්ගේ රහස්්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය දිගින් දිගටම විමර්ශන පවත්වමින් සිටී.

අතර ඉෂාරා සෙව්වන්දී සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාන රැසක් පොලිසිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කළේය.

Previous articleරටක් ආදරයෙන් වැළඳගත් ජානු ටෙලිය අවසන් වෙද්දි අල්පොන්සු නම් ඉන්නේ කනස්සල්ලෙන් වගේ… ” ජානු නාට්‍ය ඉවර උනා කියලා ආරංචි වුනා. ඒකට මොකද වුනේ කියලා අපි කතා නොකර ඉමු “
Next articleබත් කන ගමන් වතුර බොන්න හුගාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. හැබැයි බත් කනකොට වතුර බිව්වට ඒක ශරීරයට හොඳද නරකද කියලා දැන ගත්තේ අදනේ…
error: Content is protected !!
Verified by MonsterInsights