වාර්තා අලුත් කල්ස් ධර්ම යුද්ධය චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම ලගදීම… වෙනස් වූ නළු නිළියන් මෙන්න…

0
613

ධර්ම යුද්ධය 02 ඇරඹේ! ජැක්සන් වෙනුවට බිමල්!

ජැක්සන් ඇන්තනි මහතා ප්‍රධාන චරිතය රඟපෑ “ධර්ම යුද්ධය” චිත්‍රපටය Box Office වාර්තා තබමින් කෝටි 20කට අධික ආදායමක් වාර්තා කළ, මෙරට ජනප්‍රියම චිත්‍රපටයක්.

Drishyam මලයාලම් සිනමාපටයෙන් ලාංකීය සිනමාවට නැඟුනු එහි, දෙවන දිගහැරුමක වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා.

ජැක්සන් ඇන්තනි මහතාගේ සමුගැනීම නිසා දෙවන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මෙරට දක්ෂ චරිතාංග නලුවෙකු වන බිමල් ජයකොඩි යි.

ඒ සමඟින් දිල්හානි ඒකනායක, කුසුම් රේණු, දිනක්ෂි ප්‍රියසාද් ඇතුලු තවත් ජනප්‍රිය නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.

ධර්ම යුද්ධය: 02 අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන යි. මාරියා – නිකිණි වැස්ස – 1970 Love Story වැනි සිනමාපටය අධ්‍යක්ෂණය කළ ඔහු පුංචි තිරයේ ටෙලි කතාමාලා රැසකුත් නිර්මාණය කර තිබෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාංලිග ලොකුහේවාගෙනි. ධර්ම යුද්ධය සිරස චිත්‍රපටයක්!

Previous articleඇමරිකානුවන්ට නිදහසේ නාන්න ජනපති ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්…
Next article“පුතා මට කිව්වා අම්මේ මාව පොලිසියෙන් අරගෙන යනවා මාව බේරගන්න කියලා” – සත්සරගේ මව හෙලිකල අලුත්ම හෙලිදරව්ව මෙන්න.”පුතා මට කිව්වා අම්මේ මාව පොලිසියෙන් අරගෙන යනවා මාව බේරගන්න කියලා” – සත්සරගේ මව හෙලිකල අලුත්ම හෙලිදරව්ව මෙන්න.