සියලු තරගකරුවන් පරදා ප්‍රංශයේ හොඳම ඉන්දීය නර්තනයට හිමි සම්මානය ලංකාවට… සුබපැතුම් !

0
311

ප්‍රංශයේ සෑම වසරකම පවත්වන්නට යෙදෙන ඉන්දීය නර්තන තරගාවලිය වන “නාට්‍යම් ආත්මා” (Natyam Atma) තරගාවලියේ හොඳම ඉන්දිය නර්තනයට හිමි සම්මානය මෙරටට හිමිව තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර ඊයේ (16) පැවති තරගාවලිය මෙවර පැවැත්වූයේ සාර්ථක හතරවන වරටයි.

ඒ අනුව එහි හොඳම නර්තන අංශය ජයග්‍රහණය කිරීමට සමත්කම් දක්වා තිබුණේ, ලාංකීය නර්තන ශිල්පීන් තිදෙනෙකුගේ කණ්ඩායමක් වන “ත්‍රිබංග” නර්තන කණ්ඩායමයි.

“ත්‍රිබංග” නියෝජනය කරන තිදෙනා වන්නේ කෞශාල් රණසිංහ, කවිදු ගයන්ත සහ ප්‍රදීප් උදය යන අයයි.

කෞශාල් රණසිංහ මීට පෙර ද ප්‍රංශ ඉන්දියානු නර්තන නිෂ්පාදනයක් වන ශාකුන්තලා බැලේ නාට්‍යයෙ ප්‍රධාන චරිතය රඟ දැක්වූ අතර, කවිදු සහ ප්‍රදීප් කථක් නර්තනය සඳහා ඉන්දියාවේ, ලක්නව් විශ්වවිද්‍යාලයේ විශාරද උපාධිය ලබා ඇත.

Previous articleරටම හොයන හැමෝම කතා වෙන නෙළුම් කුළුණ කොපියක්ද ? බොලිවුඩයෙන් හොලිවුඩයට යන්න සැරසෙන අපේ නෙළුම් කුළුණ ගැන අලුත්ම ආරංචිය මෙන්න…
Next articleමේ උළුහාල් පානය බිව්වොත් දියවැඩියාව නිට්ටාවටම සුවයි. දියවැඩියාව මට්ටු කරන දිව්‍යමය ඔසුවක් මෙන්න…