Home දේශිය පුවත් ලොව ගොඩබිමෙහි මෙතෙක් හමු වූ විශාලතම නායයෑම වාර්තා වෙයි. හානි වූ ප්‍රමාණය...

ලොව ගොඩබිමෙහි මෙතෙක් හමු වූ විශාලතම නායයෑම වාර්තා වෙයි. හානි වූ ප්‍රමාණය වර්ග කිලෝමීටර 3,400ක්

0
121

මීට වසර මිලියන 50කට කලින්, අද ඇමරිකාවේ වයෝමිං ප්‍රාන්තයේ, මහා දැවැන්ත පර්වත කැබැල්ලක් එකපාරටම ලිහිල් වෙලා, කිලෝමීටර 40කට වඩා දුරක් බිම දිගේ ලිස්සා ගිහින් තියෙනවා.

මේ හිතාගන්නවත් බැරි සිදුවීම තමයි හාර්ට් මවුන්ටන් නායයෑම (Heart Mountain Landslide) කියලා හඳුන්වන්නේ. විද්‍යාඥයන් කියන්නේ මේක තමයි ගොඩබිමෙහි මෙතෙක් හමු වූ විශාලතම නායයෑම…

මේ නායයෑම කොච්චර ලොකුද කියලා කිව්වොත් එයින් හානි වූ ප්‍රමාණය වර්ග කිලෝමීටර 3,400කට වඩා වැඩියි….ඒ කියන්නේ අපේ ප්‍රදේශයකට වඩා ලොකුයි.. ලිස්සා ගිය පාෂාණ ස්ථරය මීටර් සිය ගණනක් ඝනකමකින් යුක්ත වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වලින් දැන ගන්න ලැබුණේ.. මේ පාෂාණ ස්ථරය පැයට කිලෝමීටර 100කට වඩා වේගයෙන් ගමන් කරලා තියෙනවා.

මේ තරම් දැවැන්ත කන්දක් ලිස්සා ගියේ කොහොමද? විද්‍යාඥයන් සැක කරන්නේ මේකට ගිනි කඳු ක්‍රියාකාරකම් සම්බන්ධ වෙන්න ඇති කියලා. ඔවුන්ගේ මතය තමයි ගිනි කඳු ක්‍රියාකාරකම් නිසා පර්වතය යට සිර වෙලා තිබුණු වායූන් එකතු වෙලා බලවත් “වායු ධරාවක්” (Air Jet) නිර්මාණය කරලා තියෙනවා. මේ වායු ධරාවෙන් ඇති වුණු අති දැවැන්ත පීඩනය නිසා මුළු කන්දම ලිස්සා යන්න ඇති කියන එක.

 

 

 

 

 

 

Previous article“අපේ අද දවසේ කෑම වේල ඒ අසරණ මිනිස්සුන්ට දෙන්න” හදවත්වල කරුණාවෙන් කුසගිනි නිවයි…
Next articleමේ දෛවයේ සරදමක්ද..? උපන්ගම් පියසේ මිනිසුන් වෙනුවෙන් කැපවුණු ඔහුගේ මතකය ගැන හද කම්පා කරවන කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights