Home දේශිය පුවත් වසර 25කට පෙර මා අතට ආ පුංචි පැටියා අද මවක් වෙලා… ඒ...

වසර 25කට පෙර මා අතට ආ පුංචි පැටියා අද මවක් වෙලා… ඒ දරුවාගේ දරුවාත් ඔහුගේම අතටම ආපු ඒ කතාව

0
302

වෛද්‍යවරයකුගේ ජීවිතයේ ලැබිය හැකි උතුම්ම සතුට සහ තෘප්තිය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්, මෙන්න මේ අත්දැකීම ඒකට දිය හැකි හොඳම පිළිතුරයි.

මේ සටහන මුහුණු පොතට එක් කර තිබුණේ දක්ෂ වෛද්‍යවරයෙක් විසින්.

මීට වසර 25කට පෙර මේ ලෝකයට බිහිවුණු පුංචි දියණියකව මුලින්ම තම දෑතට ගන්නට මේ වෛද්‍යවරයා වාසනාවන්ත වී තිබුණා. කාලය හරිම වේගයෙන් ගෙවී ගොස් අද ඒ දියණිය මවක් වී අවසන්. දෛවයේ අපූරු සිදුවීමක් ලෙස ඇගේ කුසින් උපන් අලුත් අමුත්තාවත් මෙලොවට බිහි කරන්නට දායකත්වය ලබා දෙමින්, එම දරුවාවත් තම දෑතටම ගන්නට මේ වෛද්‍යවරයාට නැවතත් අවස්ථාව ලැබී තිබෙනවා.

ඔහු මුහුණු පොතට එක කළේ මෙවන් සටහන

“ජීවිතයේ අපිට හමුවන සමහර අත්දැකීම් හරිම පුදුමාකාරයි. වෛද්‍යවරයෙක් හෝ හෙද නිලධාරියෙක් විදියට තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුළේ ලබන්න පුළුවන් වටිනාම සහ උතුම්ම සතුට මොකක්ද කියලා ඇහුවොත්, අද මට ලැබුණු මේ අත්දැකීම ඒකට හොඳම උදාහරණයක්.

මීට වසර 25කට කලින්, මේ ලෝකයට බිහිවුණු පුංචි දියණියක්ව මුලින්ම මගේ අතට ගන්න මම වාසනාවන්ත වුණා. කාලය හරිම වේගයෙන් ගෙවිලා ගිහින්. එදා මගේ අතේ හිටපු ඒ පුංචි පැටියා අද මවක් වෙලා. පුදුමේ කියන්නේ, ඇගේ කුසින් උපන් අලුත් අමුත්තාවත් මේ ලෝකයට පිළිගන්න, මගේ අතටම ගන්න අද මට අවස්ථාව ලැබුණා.

ඇගේ මවත්, නැන්දම්මත් (Mother-in-law) ඇතුළු පවුලේ අයගේ සහයෝගය මැද සිදුවුණු මේ අපූරු උපත, මට නම් මේ අවුරුද්දේ ලැබුණු වටිනාම සහ ලස්සනම අලුත් අවුරුදු තෑග්ග කිව්වොත් නිවැරදියි. මේ පින්තූරයේ ඉන්නේ එදා මගේ අතට ආපු ඒ දියණිය සහ අද ඇගේ අතේ ඉන්න ඇගේ ආදරණීය පුතු පැටියා.

ජීවිතය කියන්නේ රවුමක් වගෙයි.. ඒ රවුම මෙච්චර සුන්දර විදියට සම්පූර්ණ වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ”

 

Previous article“මල් පෙත්තක් සේ” රසික හදවත් නැළවූ සොඳුරු හඬ නිහඬ වෙයි..
Next article“දිනූ හැම දේ පැරදුනත් මා දිනා දෙන්නම් ඔබේ පැතුමන්… මෙතැන් සිට මේ සසර කොතරම් දුර උනත් මා එක්ක යන්නම්” අද ඇයට නම් ලෝකයක් වටින දවසක්
error: Content is protected !!
Verified by MonsterInsights