බල බලා සිටි ඒ දවසට තව ටිකයි. උසස් පෙල ප්‍රතිඵල ලැබෙන දිනය ගැන ඇසෙන සුබ ආරංචිය මෙන්න..

0
19487

පසුගිය වසරේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මස අග වන විට නිකුත් කිරීමට බොහෝ දුරට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර පවසනවා.

අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වූයේ පසුගිය වසරේ නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් මස 20 දින දක්වාය.

එහිදී විභාග අපේක්ෂකයන් 3,33,185 දෙනකු උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර, පාසල් අයදුම්කරුවෝ 2,53 390ක් හා පෞද්ගලික අයැදුම්කරුවෝ 79,795ක් ඊට ඇතුළත් වූහ.

රට පුරා විභාග මධ්‍යස්ථාන 2,312කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319කදී විභාගය පැවැත්වුණු අතර, 25,000කට අධික කාර්ය මණ්ඩලයක් ඊට සහභාගි විය.

Previous articleහාලිඇලම බියෙන් සලිත කරමින් අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් දෙදෙකුගේ සිරුරු හමුවෙලා…
Next articleහැමෝටම අවුරුද්ද සුබ වෙන ලකුණු…උදාවෙන අලුත් අවුරුද්ද ඔයාගේ රැකියාවට, ගෘහ ජීවිතයට, සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි… හිතුවක්කාරි