අප්‍රේල් 07 වෙනිදා සිදුවෙන ග්‍රහමාරුවෙන් මේ ලග්න කිහිපයට උතුරන්න හරියනවා. බලන්න ඔයාගේ ලග්නෙත් මේ අතර තියෙයිද කියලා…

0
1002

ලග්නයත් ඒ අතරද..? ශනි-සිකුරු යුද්ධයෙන් සෙනසුරුට ජය.. අප්‍රේල් 07 වැනිදා සිදුවන ඒ ග්‍රහමාරුව ගැන හරියටම දැනගන්න..

මේ කියන්න යන්නේ ඉදිරියේදී සිදුවීමට නියමිත තවත් ග්‍රහ මාරුවක් ගැන කතාවක්.. එළඹෙන අලුත් අවුරුද්දට ඔබේ ලග්නයට සුබපල උදා වේවිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

වෘෂභ, කටක,සිංහ, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න හතට විශිෂ්ට සුබපල උදා කරමින් අප්‍රේල් 07 වැනි සඳුදින පස්වරු 04.31ට සිකුරු සමඟ ග්‍රහ යුද්ධයෙන් සෙනසුරු ජය ගනී.

මේ වන විට මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න සතරට පංචමහා පුරුෂ යෝග අතරින් මාලවි නම් වූ දැවැන්ත විචිත්‍ර යෝග බලයද සිංහ, වෘශ්චික, කුම්භ, මීන, ධනු රාශි සතට නීච භංග රාජයෝග බලය ද ක්‍රියාත්මක වීම මේ සුබපල අත්වීමට හේතු වන්නේය. ත්‍රිකෝණ, ෂඩ්කෝණ, චතුර්කෝණ, දෘෂ්ටිවලින් මේෂ, තුලා, මකර, කුම්භ, වෘශ්චික රාශි පහට ද සමපල දෙන විශිෂ්ට ග්‍රහ බලයක් පිහිටන්නේය.

ඒ අනුව අතිශය සුබපල දෙන ලග්න හත හිමියන්ට ධනය, බලය, යසස, කීර්තිය ඉදිරි දින කීපය තුළ උදා කෙරෙන අතර සමපල ලාභී ලග්න හිිමියන්ට මේ කාලය තුළ දියුණුව උදාකර ගැනීමට මඟ පෑදේ.

චන්ද්‍රයා කටක රාශියේ ස්වක්ෂේත්‍රව ආලෝක ග්‍රහබලය නිවෘත කෙරෙමින් කුළීර යෝගය තනමින් විශ්වය පුරා සාමය සමාදානය පැතිරවීම අවුරුදු සමයට ආශීර්වාදයකි.

එසේම කුජ චන්ද්‍රගෙන් සිංහ රාශියේ උදාවන නිච භංග රාජ යෝගය සමස්ත ජනතාවට මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික පිරිස් අතර අහිංසාව පැතිරීමට හේතු වන්නේය.

අවංක බව, පිරිසුදු චරිතය, සත්‍යවාදී බව, සුපිරිසුදු සංකල්පනා සහිත පිරිස් වෙත සුබපල මහත්සේ ළඟා කරන අතර වැඩිහිටි ප්‍රජාවට වැඩි අවස්ථා හිමිවන ආශ්චර්යමත් කාල සීමාවකි.

සුබසෙත පුවත්පතෙන්..

Previous articleකේ.සූජිවාගේ පුංචි පවුලට ඔන්න තවත් සුන්දර දිනයක්..හැඩකාර අංජලීට එදා ලස්සන දවසක්…
Next articleතෙබු කොළ කාලා දියවැඩියාව පාලනය කරගන්න හිතනවා නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.