ශ්‍රී පාද කරුණා කරන්න ගිය අහිංසක තරුණයෙක් හදිසියේම අසාධ්‍ය වෙද්දී, තමන්ගේ රාජකාරියටත් එහා ගිහින් ඒ ජීවිතය කර මතින් දරාගෙන පහළට රැගෙන ආ මේ උතුම් මිනිසාට අපේ ප්‍රණාමය!
සිරිපා වඳින්න යන දහස් ගණනක් බැතිමතුන් අතරේ ඔබ අපට පෙනුනේ “දේව දූතයෙක්” වගේ. ඒ අමාරු පඩිපෙළවල් දිගේ තවත් ජීවිතයක් කර තබාගෙන එන්න කොයිතරම් ශක්තියක්, කොයිතරම් කරුණාවක් තියෙන්න ඕනද?
මෙන්න අගය කළ යුතු නියම පොලිස් නිලධාරීන්. ඔබ මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්.
ඔබට දීර්ඝායුෂ ලැබේවා නිලධාරිතුමනි!
යුනිෆෝම් එකට යටින් ගැහෙන “මනුස්සකමේ” හදවත!
උපුටාගැනීමකි.












