Home දේශිය පුවත් උදව්වට කෙනෙකු පැමිණෙන තූරු අනතූරට පත් තරුණයා ලග විනාඩි 40ක් රෑදී සිටි...

උදව්වට කෙනෙකු පැමිණෙන තූරු අනතූරට පත් තරුණයා ලග විනාඩි 40ක් රෑදී සිටි වීදි සුනඛයාගේ කතාව…

0
3

තරුණයෙකු රාත්‍රී 2 ට විතර වැඩ ඇරිලා ගෙදර එද්දී අවාසනාවන්ත විදිහට පාරේ වැටිලා සිහි නැති වුණා. ඒ වෙලාවේ පාරේ කවුරුවත් හිටියේ නැති නිසා ඔහුට උදව් කරන්න කෙනෙක් හිටියේ නැහැ. හැබැයි ඔහු තනි වුණේ ටික වෙලාවකට විතරයි.

අහල පහල සැරිසරන “ක්‍රීම්” පාට අතරමං වුණු බල්ලෙක් මේ සිහි නැති වෙලා හිටපු ඇන්ඩ්‍රෙස් ගාවට ඇවිත්, විනාඩි 40 ක් විතර යනකම් ඔහු ගාවින් හෙලවුණේවත් නැහැ. හරියට ඔහුව ආරක්ෂා කරන මුරකරුවෙක් වගේ මේ බල්ලා ඔහු ගාවට වෙලා හිටියා. පස්සේ මේ බල්ලා හයියෙන් බුරන්න පටන් ගත්තේ පාරේ හිටපු වෙළෙන්දෙක්ගේ අවධානය දිනාගන්නයි. ඒ වෙළෙන්දා ඇවිත් බලද්දී තමයි ඇන්ඩ්‍රෙස්ව දැක්කේ.

ඇන්ඩ්‍රෙස්ව ගිලන් රථයකින් රෝහලට රැගෙන යද්දී මේ බල්ලා ඒ පස්සෙන් පන්නගෙන ගිහින්, පහුවෙනිදා එළිවෙනකම්ම රෝහල ඉදිරිපිට රැඳී ඉඳලා තියෙනවා. මාස කිහිපයකට කලින් තමන්ගේ අම්මාව අහිමි වුණු ඇන්ඩ්‍රෙස් විශ්වාස කරන්නේ, මේ බල්ලා තමන්ව ආරක්ෂා කරන්න ආපු දේවදූතයෙක් වගේ කියලා. සුවය ලැබුවට පස්සේ ඇන්ඩ්‍රෙස් ආපහු ඒ පාරටම ගිහින් තමන්ව බේරගත්ත ඒ බල්ලව හොයාගත්තා.

එදා පාරේ තනිවෙලා නිදාගත්ත ඒ අතරමං වුණු බල්ලාට අද ආදරණීය පවුලකුයි, ලස්සන නමකුයි ලැබිලා තියෙනවා. කෙනෙක්ගේ ජීවිතය බේරගත්ත ඒ සත්වයා අද ඇන්ඩ්‍රෙස්ගේ ජීවිතයේ හොඳම යාළුවා වෙලා ඉවරයි.

Previous articleබිත්තියේ ඇති පැල්ලම් ලේසියෙන්ම යවන ක්‍රම ගැන මීට කලින් දැනගෙන හිටියාද ? දන්නැත්තම් ඔන්න දැනගන්න.
Next articleඇය නැති පාළුව මකන්න තිසුරිගේ දෝතට සුරංගනාවියක්.. විශේෂ වුණු දවසක තිසුරි සටහනක් එක්කරයි…
error: Content is protected !!
Verified by MonsterInsights