ලිස්සන ගහ නගින්න ගිය පාසල් සිසුවෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම..

0
1099

අවුරුදු උත්සවයක ග්‍රීස් ගසකින් ඇදවැටී පාසල් වයසේ තරුණ දරුවෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

අනතුර ඊයේ (16) ඇල්පිටිය, කනත්තගොඩ ප්‍රදේශයේදී සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී මෙසේ පාසල් සිදුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු වන අතර, එම සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තු සිටි අයෙක්.

පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථාන අසල ක්‍රීඩා පිටියේ දී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට සූදානම් කරමින් සිට තිබෙන අතර එහිදී මෙම අවාසානාවන්ත අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇදවැටුණු පාසල් සිසුවා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

Previous articleපිටින් බලන අයට ටිකක් ආඩම්බරයි පණ්ඩිතයි කියලා හිතෙනවා. ” දෙවෙනි ඉනිමෙන් රටක් ආදරේ දිනාගත් දිල්කි කියන කතාව මෙන්න
Next articleඔයත් කුරුළෑ නිසා වද විදින කෙනෙක්ද ? ගෙදරදිම හදාගන්න පුළුවන් මේ බෙහෙත කරලා බලන්න. අත්දුටුයි