එවරස්ට් කන්දටත් වඩා උස කන්දක් මේ ලෝකේ තියෙනවා. ඔයාලා මේ ගැන අහලා තියෙනවාද ?

0
177

සැබැවින්ම ලෝකයේ උසම කන්ද Everest නොවේ, එය මුහුදු මට්ටමේ සිට උසම කන්ද වනුයේ 8848.86m ක උසකින් යුත්තවයි. නමුත් පාදමේ සිට මුදුන දක්වා උස මැනීමේදී ලෝකයේ උසම කන්ද වනුයේ හවායි වල දක්නට ලැබෙන Mauna Kea කන්දයි. එහි පාදමේ සිට උස 10,210m වන අතර මුහුදු මට්ටමේ සිට උස 4,205m කි.

තවත් වැදගත් කරුණක් වනුයේ එවරස්ට් කදු මුදුන, පෘථිවියේ කේන්ද්‍රය සිට ගත් විට දුරින්ම පිහිටන ස්ථානය නොවීමයි. පෘථිවියේ කේන්ද්‍රයට දුරින්ම පිහිටන ස්ථානය වනුයේ ඉක්වදෝරයේ (Ecuador) පිහිටා ඇති Mount Chimborazo කදු මුදුනයි. එහි උස 6,310m කි. මෙයට ප්‍රධානම හේතුව වනුයේ පෘථිවිය 100% ක්ම පාහේ ගෝලාකාර නොවීමයි.

මෙම ඡායාරූපය නේපාලයේ සිට ගන්නා ලද Everest සහ අසළ ප්‍රදේශයේ ඡායාරූපයකි.

Photo Credits to it’s original owners.

 

Previous article” කවුරු මොනවා කීවත් මට නම් මං දැන් තමයි හොඳම ” දරුවන් වෙනුවෙන් අම්මෙක් කරන කැපකිරීම ගැන හැමෝම ආදරේ කරන මාධවී රටට කිව්වේ මෙහෙමයි…
Next article” මම ජීවත් වෙලා ඉන්නකල් මගේ අම්මා රැජිනක් වගේ බලාගන්නවා ” අම්මෙක් කියන්නේ දරුවෙක්ගේ රැජිනක්… පියුමි හංසමාලි අම්මා ගැන තැබූ ආදරණීය සටහන මෙන්න…