ලොවක් ආදරේ කල ආලියා බාත් එයාගේ ජීවිතේ ලස්සන කරගත්තේ මෙහෙමයි. ගැහුණු ළමයින්ට නම් මේ කතාව මාරම වටිවී…

0
126

ආලියාගේ ජීවිතය ලස්සන වෙන්න හේතු 5 ක්
❣️එයා, ඒ කියන්නේ ආලියා බාත් එයාගේ ෆැමිලි එකෙන් අත්දැකීම් ගත්තා. පූර්ව අත්දැකීම් එක්ක එයා පරිණත වුණා. ආලියාගේ ලොකු අක්කා, ඒ කියන්නේ පූජා බාත් එයාගේ ජීවිතේ එක යුගයක් සම්පූර්ණයෙන්ම අඳුරු කරගත්තා. ආලියා චූටි දැරිවියක් ලෙස මේ දේවල් දෙස බලාගෙන උන්නා. ඒ වගේම එයාගෙම එක කුස උපන් අනිත් අක්කා ශහීන් මානසික අවපීඩනයත් එක්ක සටන් කරන හැටි ඇය දැක්කා.. එයාගේ තාත්තගේ ජීවිතයෙනුත් එයා සෑහෙන පාඩම් ඉගෙනගත්තා. ඒ ටික ආලියාට යුනි එකක ඩිග්රියක් වගේ වුණා. ඒත් මේ ටික කරිෂ්මාට කරන්න බැරිවුණා.
❣️ආලියා හැමවිටම ජීවිතය ගත්තේ එයා බොලිවුඩ් සෙලිබ්‍රෙටි කෙනෙක් ලෙස නොවේ. සාමාන්‍ය මුම්බායි කෙල්ලෙක් විදිහට. ඒ නිසාම, එයාට ජීවිතේ ලොකු විඳින්න ස්පේස් එකක් ලැබුණා. එයා ඇත්තටම වින්ඳා. සිම්පල් ඇන්ඩ් ස්වීට් තරුණ කාලයක් එයා වින්ඳා. ඒක අද ඉන්න දිශා පතානීට බැරිවෙලා තියෙනවා.
❣️ආලියා එයාගේ ෆීල්ඩ් එකේ ඉන්න පිරිමින්ගේ සංස්කෘතිය එක්ක ටිකක් විවෘත නමුත් බුද්ධිමත් ලෙස හැසිරුණා. ඒ නිසාම එයාව යූස්කරන්න කාටවත් ලැබුනේ නෑ. නමුත් එයාට බොහෝ දෙනා ආදරය කළා. ඒ බොලිවුඩ් පිරිමි සංස්කෘතිය මැද ආලියා හොඳ ලස්සනට නමුත් සේෆ්ලී උන්නා. ඇත්තම කතාව ඒකයි. එයා බොලිවුඩ් ලෝකයේ බබා වෙන්න ගියේ නෑ. නමුත් බොහෝ දෙනා ඇයට කතාකලේ බේබි කියලා.
❣️ආලියා හරිම ලස්සනට එයාගේ සහකාරයා තෝරාගත්තා. එතනදී තමන්ගේ සහකරු ගැන කළින් සමාජයේ හදලා තිබුණ ප්‍රී ඩිටමිනේෂන්වලට ඒ කියන්නේ පූර්ව නිගමනවලට බයවුනේ නෑ. රන්බීර් කියන්නේ චූට්ටක් ප්ලේ බෝයි කියලා නමක් හැදිලා තිබුනේ. ඒත් මේ පොඩි කෙල්ල රන්බීර්ව හරි අපූරුවට ලස්සන හස්බන්ඩ් කෙනෙක් කළා. හරිම අපූරු ආදරණීය තාත්තා කෙනෙක් කළා. ඒක අද බොලිවුඩ් ලෝකයම දන්නවා.
❣️ආලියා අම්මා කෙනෙක් වුණා. එහෙම වුණාට, එයා ඒකෙන් ෂෝ එකක් දාන්න ගියේ නෑ. අද දවසේ දීපිකා එයාගේ බබා අල්ලගෙන දාන ෂෝ එක අනුෂ්කයි විරාතුයි දාන ෂෝ එක ආලියා දාන්න ගියේ නෑ. එයා එයාගේ චූටි දුවව හරිම නිදහස් ප්ලේෆූල් නිරෝගී ලස්සන බට්ටියෙක් වගේ හදනවා. යන යන තැන අරන් යනවා. ‘රහා’ හැදෙන්නේ මේ අම්මගේ බුද්ධිමත් මාතෘ ගුණ සුවඳ මැද. ඒක කළාතුරකින් කෙල්ලෙක්ට එන නුවණක්.
ඉතින් ඒකයි මේ ස්වීට් බොලිවුඩ් තාරකාව සක්සස්.❤️
🎀 මධාරා වඩුගේ ප්‍රසන්න ආරච්ච ලියයි.
#aliabhatt

Previous articleඇගේ ලෝකේ රැජිණ. ආදරණීය මවගේ වියෝව ගැන තිසුරි තැපූ දුක හිතෙන සටහන මෙන්න…
Next articleදෙයියනේ මෙහෙමත් අම්මලා… මව විසින් ලිඳට විසි කර දමා ගිය අවුරුදු තුනේ දියණිය බේරාගත් පුංචි වීරයෝ දෙන්නා…