දෙයියනේ මෙහෙමත් අම්මලා… මව විසින් ලිඳට විසි කර දමා ගිය අවුරුදු තුනේ දියණිය බේරාගත් පුංචි වීරයෝ දෙන්නා…

0
187

කදුලකින්
අවසන් වීමට
ගිය කථාවක්‌
සතුටින්
කෙලවර විය…
මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ කරන්දෙණිය කිරිනුගේ පදිංචි කුෂිනි ශෙහාරා නමැති තුන් හැවිරිදි දියණියකි.
ළිදට වැටී දිවි බේරාගත් දියණිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි.
නිවසේ ඇති පශ්නවලට උරණවූ මේ මව සිය දියණිය ළිදට විසිකර ඇයත් ළිදට පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම්ව ඇති බවද වාර්තා වේ.
ලිද තුළ සිටි කුඩා දරුවකු කෑගසන හඩක් ඇහුණු චාමික ලක්ශාන් හා රොෂාන් කුමාර යන පාසල් සිසුන් දෙදෙනා ළිදට පැන මේ දියණිය බේරාගත් බවද පොලීසිය පවසයි..
මේ සිසුන් දෙදෙනාම කරන්දෙණිය බන්දුල සේනාධීර විදයාලයේ ඉහෙනුම ලබන බවද පොලීසිය කියයි.
උපුටාගැනීමකි.

Previous articleලොවක් ආදරේ කල ආලියා බාත් එයාගේ ජීවිතේ ලස්සන කරගත්තේ මෙහෙමයි. ගැහුණු ළමයින්ට නම් මේ කතාව මාරම වටිවී…
Next articleවෛද්‍යවරියකට වූ අහස පොළොව නුහුලන ඛේදවාචකයෙන් අනුරාධපුරම කැළඹෙයි. සැකකරු හමුදාවෙන් පැන ගිය කෙනෙක්..